fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"මෙරට බදු ව්‍යූහයේ යම් වරදක් තියෙනවා" - මහබැංකු අධිපති

    “මෙරට බදු ව්‍යූහයේ යම් වරදක් තියෙනවා” – මහබැංකු අධිපති

    මෙරට මෙතෙක් ක්‍රියාත්මක වූ බදු ප්‍රතිපත්ති ව්‍යුහයේ යම් වරදක් පවතින බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ පසුගිය කාලය තුළ ක්‍රියාත්මක වූ බදු ප්‍රතිපත්තියට අනුව මෙරට බදු ගෙවීමේ ක්‍රමයේ අසාධාරණයක් පවතින බවය.

    මෙරට වැඩකරන ජනතාව මිලියන 8.5ක් පමණ සිටී.

    එහෙත් බදු ගොනු (ටැක්ස් ෆයිල්) ඇත්තේ ලක්ෂ දෙක හමාරක් පමණක් බව ඔහු පෙන්වා දෙයි.

    ඒ අනුව මෙමගින් බදු ව්‍යූහයේ යම් වරදක් ඇති බවට පෙනී යන බව මහබැංකු අධිපතිවරයා කියාසිටී.

    මෙය නිවැරදි කළ යුතු බවත් එසේ නම් පළමු පියවර වන්නේ බදු ගෙවිය යුතු අය සිය කාර්යභාරය නිසි අයුරින් ඉටුකිරීම බවත් වැඩකරරන ජනතාවගෙන් අඩක්වත් බදු ගෙවන තත්ත්වයක් තිබිය යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.

    ඒ සඳහා බදු අයකරගැනීමේ ක්‍රමවේදය සකස් විය යුතු බව ද ඔහු කියාසිටී.

    “මම දකින විදියට ඉදිරියට යනකොට මේ තියෙන බදු ප්‍රතිපත්තිය අපි කැමති හෝ අකමැති විදියට වුණත් දැනට තියෙන බදු ආදායම 9%න් පල්ලෙහා තියෙන එක රට ස්ථාවර කරගන්න නම් අවුරුදු දෙක තුනක් ඇතුළත 14% – 15% මට්ටමට යන්න ඕන. එතකොට මගේ විශ්වාසයක් තියෙනවා මේ බදු ප්‍රතිපත්තිය අඩුම ගානේ තව වසරක්වත් ක්‍රියාත්මක කළ‍ොත්, රටේ ආර්ථික තත්ත්වය යම්කිසි ආකාරයකට ස්ථාවර කරගත්තොත් යම් මට්ටමකට රටේ බදු ආදායම අනිවාර්යයෙන්ම වැඩිවෙනවා. එහෙම වැඩි වෙන ක්‍රම දෙකක් තියෙනවා.

    දැන් තියෙන ආකාරයට ගොඩක් අංශ පාඩු ලබනවනේ. පාඩු ලබන කෙනා බදු ගෙවන්න ඕන නෑ. ලාබයක් ලැබුවොත් ලාබයෙන් කොටසක් තමයි බදු ගවෙන්න ඕනේ. රට ස්ථාවර වුණොත් ගොඩක් අංශ ලාබ ලබනවා. එතකොට මේ බදු අයකිරීමේ මට්ටම ඉහළ දමන්න පුළුවන්. ඒ නිසා මේ දායකත්වය ලක්ෂ දෙකහමාරක් නෙවෙයි දරන්න ඕන. ඕනම රටක වැඩකරන ජනතාවගෙන් සියයට 50ක්වත් බදු ගෙවන අය ඉන්න ඕනේ. මේක මිලියන 4ක් වත් බදු ගෙව්වොත් ගෙවන කෙනාම බර දරන්න ඕන නෑ. සාධාරණව බෙදී යනවා. ”

    වත්මන් ආර්ථික තත්වය හා බදු සංශෝධනය පිළිබඳව මහා බැංකු අධිපතිවරයා සමග සිදු කළ විශේෂ සාකච්ඡාව පහතින්.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.