fbpx
තවත්
    මුල් පිටුවspecialඋගන්ඩාවේ ඇත්දළ ජාවාරම්කරුවෙකුට දිවි ඇති තෙක් සිරදඬුවම්

    උගන්ඩාවේ ඇත්දළ ජාවාරම්කරුවෙකුට දිවි ඇති තෙක් සිරදඬුවම්

    උගන්ඩාවේ අධිකරණයක් විසින් ඇත් දළ ජාවාරමේ නිතරවූ පුද්ගලයෙකු හට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කරමින් සුවිශේෂී නඩු තීන්දුවක් ලබා දී තිබේ.

    ඒ අනුව මෙම නඩු තීන්දුව එරට ඉතිහාසයේ මෙවැනි අපරාධ සම්බන්ධයෙන් දීර්ඝතම සිර දඬුවමකි.

    උගන්ඩාව තුල වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සත්ව විශේෂයන් දඩයම් කිරීම හෝ ජාවාරම් කිරීම සඳහා දඬුවම් දැඩි කරන ලද නව නීතියක් 2019 දී සම්මත කරන ලදී. මෙම නව නීතිය මගින් මීට පෙරට වඩා වැඩි වපසරියකින් සත්ව විශේෂ ආරක්ෂා කර ගැනීමට අවස්ථාවද සැලසේයි.

    එවැන පසුබිමක් තුල සිර දඬුවම නියම වූ පැස්කල් ඔචිබා මේ වසරේ ජනවාරි මාසයේදී අත්අඩංගුවට ගනු ලැබුවේ කිලෝග්‍රෑම් 10 කට ආසන්න බරැති ඇත්දළ කැබලි දෙකක් සමඟය. ඒ අනුව මේ සම්බන්ධයෙන් වූ නඩු විභාග මෙහෙයවූ මහේස්ත‍්‍රාත්වරයා පැවසුවේ ඔචිබා නැවත නැවතත් ඇත් දළ ජවාරමට වැරදිකරුවෙකු බවට පත්වීම හේතුවෙන් වනජීවී සංරක්ෂණය සඳහා ජීවිතාන්තය දක්වා සිර දඬුවම් ලැබිය යුතු බවයි.
    “නීතිවිරෝධී ලෙස ආරක්‍ෂිත සත්ව විශේෂ සන්තකයේ තබා ගැනීමේ වැරදි බහුලව පවතින අතර ඒවා මැඩපැවැත්වීමේ අවශ්‍යතාවයක් පවතී” යනුවෙන්ද මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර තිබේ.

    “මෙය උගන්ඩාවේ නීතිවිරෝධී වනජීවී වෙළඳාමට එරෙහි අපගේ යුද්ධයේ සුවිශේෂී ජයග්‍රහණයකි. අපගේ වන සතුන් ආරක්ෂා කිරීමට අප අපගේ කාලය තුළ අපගේ උපරිමය කළ යුතුය, එසේ නොමැතිනම් ඉතිහාසය අපව දරුණු ලෙස විනිශ්චය කරනු ඇත,” උගන්ඩා වනජීවී අධිකාරියේ විධායක අධ්‍යක්ෂ සෑම් මුවන්දා පැවසීය.

    2020 දී, රෆිකි නමින් හැඳින්වෙන රිදී බැක් ගෝරිල්ලෙකු මරා දැමූ දඩයක්කාරයාට වසර 11 ක සිර දඬුවමක් ලැබුණි.

    මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී දුර්ලභ ගනයේ සිංහයන් හය දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකුට වසර අට බැගින් සිර දඬුවම් නියම විය.

    උගන්ඩාවේ වනයේ ඉතිරිව ඇත්තේ අලි ඇතුන් 7,900 කට වඩා පමණි – ඊට වනාන්තර සහ සැවානා අලි යන දෙකම ඇතුළත් වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.