තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බොරතෙල් ගන්න රුසියාවෙන් ශ්‍රී ලංකාවට වාණිජ ණය පහසුකමක්

    බොරතෙල් ගන්න රුසියාවෙන් ශ්‍රී ලංකාවට වාණිජ ණය පහසුකමක්

    රුසියානු සමූහාණ්ඩුව ශ්‍රී ලංකාවේ ඉන්ධන අර්බුදයට විසඳුමක් ලෙස බොරතෙල් ලබාගැනීම සඳහා වාණිජ ණය පහසුකමක් සැපයීමට එකඟතාව පළ කර තිබේ.

    ශ්‍රී ලංකා දූත පිරිස සහ රුසියාවේ නියෝජ්‍ය මුදල් අමාත්‍ය ටිමුර් මැක්සිමොව් මහතා අතර මොස්කව් නුවර දී ඊයේ (17) පැවති සාකච්ඡාවේ දී මෙම එකඟතාව පළවී ඇත.

    ඒ අනුව මාස 3 හෝ ඊට වැඩි කාල සීමාවකට වලංගු වන රුසියානු රජයේ අනුමත බැංකුවකින් ලබාදෙන වාණිජ ණය පහසුකමක් යටතේ බොරතෙල් මිලට ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයට අවස්ථාව උදාවේ.

    ඒ සඳහා අවශ්‍ය නෛතික ලියකියවිලි සපුරන්නැයි රුසියානු නියෝජ්‍ය මුදල් අමාත්‍යවරයා ශ්‍රී ලංකා දූත පිරිසට දැන්වීය.

    අදාළ යෝජනාවට ශ්‍රී ලංකා රජය එකඟ වන්නේ නම් ගිවිසුම්ගත ක්‍රමය යටතේ අඛණ්ඩව බොරතෙල් මිල දී ගැනීම සඳහා රුසියානු වාණිජ ණය පහසුකම ලැබෙනු ඇත.

    වෛද්‍ය සමන් වීරසිංහ මහතා සමඟ මෙම හමුව සඳහා රාජ්‍ය ණය සහ ස්වෛරී මූල්‍ය වත්කම් පිළිබඳ රුසියානු දෙපාර්තමේන්තුවේ ප්‍රධානි කැසකෙවිච් පීටර්, මෙරට රුසියානු තානාපති ලෙවැන් ජැගැර්යැන්, රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නියෝජනය කරමින් ඇනැස්ටැසියා නෙමෝවා, රුසියාවේ ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ජනිතා ලියනගේ මහත්ම මහත්මීහු එක්වූහ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img