තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හිටපු සභාපති යළි කෝප් කමිටුවට

    හිටපු සභාපති යළි කෝප් කමිටුවට

    පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවට එහි හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් නම් කර තිබේ.

    නියෝජ්‍ය කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් රාජපක්ෂ අද (18) පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේ, විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාගේ ඉල්ලා අස්වීමෙන් පසු ඇති වූ පුරප්පාඩුව සඳහා මහාචාර්ය චරිත හේරත් මහතා පත් කරන බවයි.

    මහාචාර්ය චරිත හේරත් මහතා මීට පෙර කෝප් සභාපතිත්වය දැරුව ද මෙවර ඔහු නම් කර තිබුණේ රජයේ ගිණුම් කාරක සභාවේ හෙවත් කෝපා කමිටුවට ය.

    පසුගියදා සාමාජිකයින් 27 දෙනෙකුගෙන් යුත් නව කෝප් කමිටුවක් ප්‍රකාශයට පත්කිරීමේදී හිටපු සභාපති මහාචාර්ය චරිත හේරත් තම නම ඉවත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂ මන්ත්‍රීවරු දොස් පැවරූහ.

    එමෙන්ම පසුගිය ඔක්තෝබර් 4 වැනිදා දින විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිසබයට දන්වා සිටියේ, සිය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කෝප් කමිටුවෙන් ඉවත් වීමට ස්වේච්ඡාවෙන් තීරණයක් ගෙන ඇති බව ය.

    ඒ රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරය දැරීම සහ එම කමිටුවට අදාළ කාර්ය බහුලත්වය යන කරුණු මත ආචාර්ය හර්ෂ ද සිල්වා කෝප් කමිටුවෙන් ඉවත් වන බව නිවේදනය කරමිනි.

    කෙසේවෙතත් විපක්ෂ නායකවරයා එහිදී හර්ෂද සිල්වා මහතාගේ පුරප්පාඩුවට කෝප් කමිටුව වෙත මහාචාර්ය චරිත හේරත් ඇතුළත් කරන ලෙස ඉල්ලා තිබුණි.

    කෝප් කමිටුව හෙවත් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ මෙවර සභාපතිත්වයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පත්කර ඇත.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා මේ වනවිට ආණ්ඩු පක්ෂයෙන් ඉවත්ව විපක්ෂයේ ස්වාධීන කණ්ඩායමක් සමඟ කටයුතු කරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img