fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලොව කීර්තිමත්ම සාහිත්‍ය ඇගයීමක් වූ බුකර් සම්මානය මෙවර ශ්‍රී ලාංකිකයකුට(📹)

    ලොව කීර්තිමත්ම සාහිත්‍ය ඇගයීමක් වූ බුකර් සම්මානය මෙවර ශ්‍රී ලාංකිකයකුට(📹)

    ලොව කීර්තිමත්ම සාහිත්‍ය ඇගයීම්වලින් එකක් වන බුකර් සම්මානය මෙවර හිමි වූයේ ශ්‍රී ලාංකේය ලේඛක ශෙහාන් කරුණාතිලක විසින් ලියන ලද The Seven moons of Maali Almeida නම් නවකතාවට ය.

    දශක 3කට අධික කාලයක් පුරා පැවති ශ්‍රී ලංකාවේ රටේ සිවිල් යුද්ධයේ කම්පනය විමසුමට ලක්කරමින් ඔහුගේ මෙම දෙවන නවකතාවට පාදක වී තිබේ.

    ‘The Seven Moons of Maali Almeida’ යනු මෙම වසරේ බුකර් විනිසුරුවන් විසින් පිළිගත් දේශපාලන උපහාස කතා කිහිපයෙන් එකකි.

    බුකර් සම්මානය යනු ග්‍රන්ථකරණයේ යෙදෙන්නන් හට හිමිවන නොබෙල් ත්‍යාගයට සමාන අගය කිරීමක් ලෙස හැඳින්වේ.

    ශ්‍රී ලාංකික ලේඛකයකු ලෙස මෙවර ඔහු ලබාගත් මෙම සම්මානය, මීට පෙර ශ්‍රී ලංකාවේ ඉපදී මෙරට ළමා අවධිය ගතකොට පසුව විදෙස්ගතවූ ලෝ ප්‍රකට නවකතාකරුවකු වන මයිකල් ඔන්ඩාච්චිට ද හිමිවිය. එසේ වුවද ඔහු ප්‍රකටව ඇත්තේ කැනේඩියානු ලේඛකයකු ලෙස ය.

    ෂෙහාන් කරුණාතිලක මහතා සම්මානය ලබාගැනීමෙන් පසුව වේදිකාවේදී සිය අදහස් දැක්වීම අවසන් කළේ මෙසේ ය. “මට ශ්‍රී ලංකාවට මෙන්න මේක කියන්න ඉඩදෙන්න. මේ පොත මං ඕගොල්ලන්ට ලිව්වෙ. රට පරාජය වෙලා ඉන්න කාලෙක මේක දිනුමක්. ලගදි අපි නැමිබියාවට පැරදුනා ඒකට කමක් නෑ. අද ලංකාවේ මිනිස්සු හුඟක් දුක් විඳිනවා. ඒ දුක විඳින්න මට ආයුධ නෑ. ඒත් මේ ජයග්‍රහණය අපි පිළිගමු. දැන් අපි කොහොමහරි ලෝක T20 කුසලානය දිනා ගමු ඇයි බැරි?.. Thank you ස්තූතියි ජයවේවා!”

    බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ හිටපු අධ්‍යක්ෂ සහ මේ වසරේ බුකර් විනිසුරු මණ්ඩල සභාපති නීල් මැක්ග්‍රෙගර් ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසුවේ “මෙහි අභිලාෂය, විෂය පථය සහ දක්ෂතාවය, නිර්භීතකම, හාස්‍යජනකව ඉදිරිපත් කිරීම් අපි අතිශයින් අගය කළෙමු.එය ජීවිතය හා මරණය හරහා රෝලර් කෝස්ටර් ගමනක් සඳහා පාඨකයා රැගෙන යන පොතකි.”

    අවසන් තරඟකරුවන් හය දෙනා අතරට සිම්බාබ්වේ ලේඛක නොවයලට් බුලවායෝගේ කතා කරන සතුන්ගෙන් සමන්විත අප්‍රිකානු ආඥාදායකයෙකු පිළිබඳ නවකතාවක් වන ‘Glory’ සහ එමෙට් ටිල් ඝාතනය කිරීම ප්‍රතිරාවය කරන මිනීමැරුම් මාලාවක් විමර්ශනය කරන කළු රහස් පරීක්ෂක යුගලයක් පිළිබඳ පර්සිවල් එවරෙට්ගේ ‘The Trees’ නවකතාව ද විය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.