තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හොර සල්ලිවලින් අරක්කු ගන්න ගිය හමුදාවේ 3ක් මාට්ටු

    හොර සල්ලිවලින් අරක්කු ගන්න ගිය හමුදාවේ 3ක් මාට්ටු

    ව්‍යාජ ලෙස මුද්‍රණය කළ රුපියල් 5000 නෝට්ටුවක් ලබාදී දියතලාවේ තැබෑරුමකින් මත්පැන් බෝතලයක් මිලදී ගැනීමට උත්සහ ගත් යුද හමුදා සෙබලු තිදෙනෙක් දියතලාව පොලීසියේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    පසුගිය 15 වෙනිදා සවස මුලින්ම සිවිල් ඇදුමින් සැරසුණු සෙබලු දෙදෙනෙක් ව්‍යාජ නෝට්ටුව ලබාදී මත්පැන් බෝතලයක් මිලදී ගැනීමට උත්සහ දරා ඇත. එම නෝට්ටුව ගැන තැබෑරුමේ කළමනාකාරුට ඇතිවුණු සැකයක් මත ඔහු එය පරීක්ෂාකර ව්‍යාජ නෝට්ටුවක් බව තහවුරුකර ගෙන ඒ බව නෝට්ටුව රැගෙන පැමිණි දෙදෙනාට දැනුම් දී තිබේ. එවිට ඔවුන් දෙදෙනා නොට්ටුව දමා පිටව ගොස් ඇත.

    මෙම ව්‍යාජ නෝට්ටුව ගැන තැබෑරුමේ කළමනාකාර දියතලාව පොලිස් ස්ථානයට දැනුම් දීමට පියවර ගෙන තිබේ. පොලීසිය පවසන්නේ ඊයේ උදෑසන ඔවුන් දෙදෙනා නැවත තැබෑරුමට පැමිණ රුපියල් 5000 නොට්ටුව ඉල්ලා සිටි බවය. එම අවස්ථාවේදී තැබෑරුමේ කළමනකරු උපක්‍රමශීලීව ඔවුන් දෙදෙනාව එහි තබාගෙන ඒ බව පොලිසියට දැනුම්දී තිබේ. ඒ අනුව පොලීසිය පැමිණ ඔවුන් දෙදෙනාව අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රශ්න කිරීමේදී ඔවුන් දෙදෙනා තමන්ට එම නෝට්ටුව ලබාදුන්නේ තවත් සෙබලෙක් බව පවසා තිබේ. ඒ අනුව එම සෙබලාවද අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන ඇත.

    මෙම සෙබලු තිදෙනා බණ්ඩාරවෙළ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 28 වෙනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img