fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්බිලියන ගණන් වංචා කළ චෝදනාවට තිළිණි ප්‍රියමාලිගේ සැමියාත් අත්අඩංගුවට

    බිලියන ගණන් වංචා කළ චෝදනාවට තිළිණි ප්‍රියමාලිගේ සැමියාත් අත්අඩංගුවට

    මෙරට පුද්ගලයන් ගණනාවකගෙන් වංචනිකව රුපියල් බිලියන ගණනක මුදල් වංචා කිරීමේ චෝදනාවට බන්ධනාගාරගතව සිටින තිලිණි ප්‍රියමාලි නැමැත්තියගේ සැමියා ලෙස පෙනී සිටි ඉසුරු චාමික බණ්ඩාර නැමැත්තාවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද(17) අත්අඩංගුවට ගෙන තිබේ.

    තිලිණි ප්‍රියමාලිගේ මෙම වංචාවේ ඔහුත් ප්‍රධාන පුරුකක් බව විමර්ශනවලින් හෙළිවී ඇත.

    ඉසුරු චාමික බණ්ඩාර නැමැති අය සමඟ තිලිණි ප්‍රියමාලි නීත්‍යානුකූලව විවාහ වී ඇති බවක් මෙතෙක් තහවුරුකරගෙන නැති අතර ඔහු පෙනී සිට ඇත්තේ ද සැමියා ලෙස ඇය හදුන්වා දී ඇත්තේ ඔහු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.

    ඉසුරු චාමික බණ්ඩාර නමැත්තා විසින් තිලිණිගේ ව්‍යාපාරවල මුදල් ආයෝජනය කිරීමට අප්‍රකට ව්‍යාරිකයන් රැසක් රවටා ඇය වෙත රැගෙන ගොස් ඇත.

    ඉසුරු චාමික බණ්ඩාර නැමැත්තා කලකට ඉහතදී ප්‍රබල අමාත්‍යවරයෙකුගේ සමීපයේ රැකියාවක නිරතව සිට ඇත.

    එහිදී ඔහු පෙනී සිට ඇත්තේ එම අමාත්‍යවරයාගේ ලේකම්වරයෙක් ලෙස වුවත් ඔහු අමාත්‍යවරයාගේ පුද්ගලික ආරක්ෂකයෙක් ලෙස පමණක් කටයුතු කළ තැනැත්තෙක් බවත් විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

    ඇයට මෙම වංචාව කරගෙන යාමට ආධාර හා අනුබලදුන් විදේශීය ආයෝජන සමාගමක මෙරට ව්‍යාපෘති කළමනාකාරිනියක් මෙන්ම නිලියන් කිහිප දෙනෙක් ඇතුළු තවත් ප්‍රබල චරිත කිහිපයක් හදුනාගෙන සිටින අතර ඔවුන් ද අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු පවසයි.

    තිලිණි ප්‍රියමාලි විසින් වංචා සහගතව රැස්කරගත් මුදල් ගැන තොරතුරු දැන සිටින ප්‍රධාන චරිතයක් ලෙස විමර්ශකයන් මේ වන විට හදුනාගෙන සිටින්නේද ඉසුරු චාමික බණ්ඩාර නැමැත්තාවය.

    තිලිණි වංචාසහගතව උපයාගත් මුදල් ඇයට හෝ ඇයගේ නාමිකව සමාගමේ කිසිදු ගිණුමකට බැරකර නොමැති බව ද අනාවරණය වී ඇත.

    ඒ සියළු මුදල් මුදල් ලෙසම ඇය තබාගෙන සිට ඇති බවත් එම මුදල් ලෝක වෙළද මධ්‍යස්ථානයේ පිහිටි කාර්යාලයටවත් රැගෙන විත් නැති බවත් විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    එම මුදල්වලින් ඇය වියදම්කර ඇත්තේ නම් ඒ සුළු ප්‍රමාණයක් පමණක් බවත් ඇය සතුව වැය නොකල විශාල මුදල් ප්‍රමාණයක් තිබෙන බව පෙනී යන්නේ යැයි ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් කියාසිටියේ ය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.