fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සරසවිවලින් මතුවන අලුත්ම වසංගතය 'සයිබර් නවකවදය'

    සරසවිවලින් මතුවන අලුත්ම වසංගතය ‘සයිබර් නවකවදය’

    විශ්වවිද්‍යාල සිසුන්ට නවක වදය දීම නවීන තාක්ෂණය ඔස්සේ ද ඉතා සූක්ෂම ලෙස සිදුකිරීමේ නව ප්‍රවනතාවක් දැකිය හැකි යැයි විශ්ව විද්‍යාල උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව සඳහන් කරයි.

    විශ්ව විද්‍යාලවල මෙතෙක් සිදු වූ කායික මානසික හෝ ලිංගික ආකාරවලට අමතරව අලුතින් ‘සයිබර් නවක වදය’ හදුන්වා දී තිබෙන බවද එම කමිටුව නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    යම් දේශපාලන අංශවල අනුබලය ලබන කණ්ඩායම්වල සාමූහික බලයෙන් සිදුකරන නවක වදය විශ්වවිද්‍යාලවල සංකීර්ණ ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන බවද එම නිවේදනවල සඳහන් වේ.

    කිසිදු උපකුලපතිවරයකු නවක වදයට සමාව දීම, සහාය දීම හෝ අපරාධකරුවන් ආරක්ෂා කිරීමට කටයුතු නොකරන අතර එය තරයේ හෙළාදකින බව ද උපකුලපතිවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව තුනකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

    නවක වදය විශ්වවිද්‍යාලවලින් ඉවත් කිරීම සඳහා සිවිල් සමාජයේ නීති අංශයේත් දේශපාලන පක්ෂවලත්, ජනමාධ්‍යයේත්, සහාය අවශ්‍ය බව ද එහි සඳහන් වේ.

    ශ්‍රී ලංකාවේ සියලුම විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන් හා උසස් අධ්‍යාපන ආයතනවල අධ්‍යක්ෂවරුන් එම නිවේදනයට අත්සන් තබා තිබේ.

    සොනාල් සිල්වෙස්ටර්

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.