fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලීසියේ තිබු යතුරුපැදිය උස්සා මත්කුඩු බෙදයි

    පොලීසියේ තිබු යතුරුපැදිය උස්සා මත්කුඩු බෙදයි

    මිරිහාන පොලිස් ස්ථානයේ නඩු භාණ්ඩයක් ලෙස තිබුණු යතුරු පැදියකින් මත්කුඩු බෙදා හරිමින් සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මිරිහාන පොලීසියේම නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    නඩු භාණ්ඩයක් ලෙස පොලිස් ස්ථානයේ තිබුණු යතුරු පැදිය එම මත්කුඩු ජාවාරම්කරුට ලබාදුන් පොලිස් සැරයන්වරයෙකුවද පසුව කළ විමර්ශනවලින් අත්අඩංගුවට ගෙන ඔහුගේ වැඩ තහනම් කිරීමටද පොලීසිය අද පියවර ගත්තේය.

    නඩු භාණ්ඩයක් ලෙස මිරිහාන පොලිස් ස්ථානයේ තිබුණු යතුරු පැදියකින් මත්කුඩු බෙදන බවට තොරතුරු හෙළිවී ඇත්තේ අංක තහඩු නොමැති යතුරු පැදියකින් මත්කුඩු බෙදා හැරීමේ ජාවාරමක් ගැන ලද තොරතුරකට අනුව මිරිහාන පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉකුත් 14 වෙනිදා කළ වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන කළ විමර්ශනයේදීය.

    මත්කුඩු ජාවාරම්කරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවන්නේ එම යතුරුපැදිය ඊට දින 06කට පෙර රථවාහන වරදක් සම්බන්ධයෙන් මිරිහාන පොලිස් භාරයට ගෙන තිබුණු නඩු භාණ්ඩයක් බවය. මිරිහාන පොලිස් භාරයේ තිබුණු එම යතුරු පැදිය පොලිස් භාරයෙන් ඒ වන විට මුදා හැර නොතිබීම හේතුවෙන් වැඩිදුර සොයා බැලීමේදී අනාවරණය වන්නේ පොලිස් නිලධාරියෙක් සමඟ එක්ව එම යතුරු පැදිය පසුගිය 09 වෙනිදා ලොරි රථයක පටවා සොරාගෙන ගොස් ඇති බවය.

    මිරිහාන පොලිස් භූමියේ තිබුණු එම යතුරු පැදිය සොරාගෙන ගොස් ඇත්තේ පොලිස් කොස්තාපල්වරයෙකුට රුපියල් 10,000ක අල්ලස් මුදලක් දී එම නිලධාරියාද සමඟ එක්ව බවද අනාවරණය වී ඇත. ඒ අනුව කොස්තාපල්වරයාව අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස දක්වන්න.

    කරුණාකර ඔබගේ අදහස් ඇතුළත් ඉදිරිපත් කරන්න!
    කරුණාකර ඔබගේ නම ඇතුලත් කරන්න