fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කසලවලින් විදුලිය හදන බලාගාරයේ කේබල් කපන්න ගොස් විදුලිසැර වැදුණු කුඩ්ඩා මරුට

    කසලවලින් විදුලිය හදන බලාගාරයේ කේබල් කපන්න ගොස් විදුලිසැර වැදුණු කුඩ්ඩා මරුට

    කසල ප්‍රතිචක්‍රීකරණය කරමින් කසලවලින් විදුලිය නිපදවන මුතුරාජවෙල පිහිටි විදුලි බලාගාරයක භූගත රැහැන් කැපීමට ගොස් අධිබලැති විදුලි සැර වැදී බරපතල තත්ත්වයෙන් රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි මත්කුඩු ලෝලියා මියගොස් තිබේ.

    හැදල වත්තල අවරකොටුවේ පදිංචිව සිටි සම්පත් විදූෂණ ද සොයිසා නැමැති අය මෙසේ මියගොස් ඇතැයි වත්තල පොලීසිය කියයි.

    මුතුරාජවෙල කසල අංගනයේ ස්ථාපිතකර ඇති මෙගාවොට් 10ක කළම්බු වෙස්ටි එනර්ජි පවර් ප්ලාන්ට් නැමැති සමාගමේ විදුලි සම්ප්‍රේෂණයක ගැටී මෙම පුද්ගලයා මියගොස් ඇති බව පොලීසිය කියයි.

    ඉකුත් 10 වෙනිදා මෙම පුද්ගලයා ඇතුළු තිදෙනෙක් අදාල සමාගම් භූමියට හොර රහසේ ඇතුළු වී එහි ට්‍රාන්ස් පෝමරයට සම්බන්ධ භූගත ඒර්ත් වරයක අඩි 08ක පමණ කොටසක් මුලින්ම කපාගෙන ඇති බව පොලීසිය කියයි. අනතුරුව මියගිය පුද්ගලයා එම ඒර්ත් වයරයේ තවත් කොටසක් කැපීම සඳහා ට්‍රාන්ස් පෝමරය කිට්ටුවට ගොස් බැම්මක් මතට නගින විට එකවරම පිපුරුම් හඩක් සමඟ ඔහු විසිවී ගොස් බිම වැටී ඇති බව සඳහන්ය. ඒත් එක්කම ඔහු සමඟ සිටි සෙසු දෙදෙනා පළාගොස් ඇති බවත් විදුලි ඉංජිනේරුවරු එම පිපුරුම ගැන සොයා බැලීමට පැමිණෙන විට මිය ගොස් සිටි අය විදුලි සැර වැදී වැටී සිටිනු දැක ඇති බවත් පොලීසිය කියයි. එහිදී අදාල බලාගාර සේවකයින් ඔහුට ප්‍රතමාධාර ලබාදී වහාම රාගම රෝහල ඇතුලත් කිිරීමට පියවර ගෙන තිබුණි. රෝහල් ගතව දින කිහිපයක් ප්‍රතිකාර ලබමින් සිටි ඔහු ඊයේ මියගොස් ඇති බව පොලීසිය කියයි.

    මත්කුඩු ලෝලීන් තිදෙනෙක් ඊයේ අලුයම විදුලි බලාගාරය පිහිටි ප්‍රදේශයට රිංගා මුලින්ම භූගත ඒර්ත් කම්බියක් අඩි 08ක පමණ කොටසක් කපා ඉවත්කරගෙන තිබේ. අනතුරුව එහි තවත් කොටසක් කපා ඉවත්කර ගැනීමට එම කම්බිය සම්බන්ධකර තිබුණු ට්‍රාන්ස්ෆෝමරය පිහිටි ස්ථානයට ගොස් ඔහු කුඩා බැම්මකට නැගීමේදී විදුලි රැහැනක ඔහු ගැටී විශාල පිපුරුම් හඬක් සමඟ විසිවී ගොස් තිබේ. එම හඬත් සමඟ විදුලිය විසන්ධිවී ඇති බවත් ඒ ගැන අවධානය යොමුකරමින් බලාගාරයේ ඉංජිනේරුවරු කළ සොයා බැලීමේදී විදුලිය වැදී වැටී සිටි මත්ලෝලියාව හමුවී තිබෙන බවත් සඳහන්ය.

    වහාම ඔහුව රාගම රොහ්ලට ඇතුලත් කිරීමට විදුලි ඉංජිනේරුවරු පියවර ගෙන තිබේ. ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ සිටින බවත් ඔහු සමග සිට කේබල් කැපූ සෙසු දෙදෙනා සොයා විමර්ශන පැවැත්වෙන බවත් වත්තල පොලීසිය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.