fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුඩු ජාවාරම්කරුගේ බිරිඳත් එක්ක නාකොටික් නිලධාරියා කුඩු බෙදද්දී මාට්ටු

    කුඩු ජාවාරම්කරුගේ බිරිඳත් එක්ක නාකොටික් නිලධාරියා කුඩු බෙදද්දී මාට්ටු

    කුරුණෑගලට මත්කුඩු බෙදන ප්‍රධාන මත්කුඩු ජාවාරම්කරුගේ බිරිඳ සමඟ මත්කුඩු බෙදමින් සිටි පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සැරයන්වරයෙකුව අඹන්පොල පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

    එම නිලධාරියාව අත්අඩංගුවට ගෙන ඇත්තේද මත්කුඩු ජාවාරුගේ බිරිඳ සමඟ වෑන් රථයකින් ගමන් කරමින් සිටියදීය.

    මත්කුඩු ජාවාරම්කරු මේ වන විට සිටින්නේ මත්කුඩු කිලෝ දෙකකට ආසන්න ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරයේය. එම ජාවාරම්කරුට අයත් වෑන් රථයක් මෙසේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරියා පරිහරණයකරමින් සිට ඇත. එම වෑන් රථයේ මේ වන විට හිමිකරු බවට පත්ව සිටින්නේ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සැරයන්වරයා බවද විමර්ශන වලින් අනාවරණය වි ඇත.

    සැරයන්වරයා කුරුණෑගල මාවතගම පදිංචිකරුවෙකි.  ඔහු මත්කුඩු ජාවාරමට සම්බන්ධව සිට ඇත්තේ අඹන්පොල පදිංචිකාරියක් සමඟ බව පොලීසිය කියයි. පොලිස් සැරයන්වරයා සමඟ ඇයවද අත්අඩංගුවට ගැනීමට අඹන්පොල පොලීසිය පියවර ගෙන තිබේ.

    අඹන්පොල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් වැටලීම් රාජකාරියේ නිරතව සිටියදී අයිස් නැමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 890 ක් සමඟ මහව සිවිල් ආරක්ෂක බලකා කඳවුරේ සේවයේ නිතර සිවිල් ආරක්ෂක සෙබලෙක් ඊයේ අත්අඩංගුවට ගෙන ඇත. ඔහුට මත්ද්‍රව්‍ය ලද ආකාරය ගැන ප්‍රශ්න කිරීමේදී හෙලිවූ තොරතුරු මත කුරුණෑගල ශාන්ත ආනා විදුල අසලදී වෑන් රථයක් පරීක්ෂාවට ලක්කල බවත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ සැරයන්වරයා සහ මත්කුඩු ජාවාරම්කරුගේ බිරිඳ පොලීසියට හසුවන්නේ එහිදී බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    මත්ද්‍රව්‍ය කාර්යාංශයේ පොලිස් සැරයන් සතුව තිබී හෙරෛායින් ග්‍රෑම් 02යි මිලි ග්‍රෑම් 32ක්ද කාන්තාව සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 03යි මිලි ග්‍රෑම් 100ක්ද හමුවූ බව එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.