තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලෝක සාගිනි දර්ශකයේ ඉන්දියාව ශ්‍රී ලංකාවටත් වඩා පහළට

    ලෝක සාගිනි දර්ශකයේ ඉන්දියාව ශ්‍රී ලංකාවටත් වඩා පහළට

    ලෝක සාගිනි දර්ශකයේ (GHI) නවතම ලැයිස්තුගත කිරීම තුළ ඉන්දියාව ශ්‍රී ලංකාවටත් වඩා පහළට ඇද වැටී තිබේ.

    මෙම දර්ශකය ලෝකයේ රටවල් 121 ක් ඇසුරින් සකස් කර ඇත.

    ඒ අනුව නවතම දර්ශකයේ ශ්‍රී ලංකාව 64 ස්ථානයේ පසුවේ. ඒ අනුව ශ්‍රී ලංකාවේ සාගින්න මධ්‍යස්ථ මට්ටමක පවතින බව එම දර්ශකය කියයි.

    ලකුණු ක්‍රමයක් මත මෙම දර්ශකය සාගින්න පිළිබද මට්ටම දක්වයි.

    ඉන්දියාව සිටින්නේ 107 වැනි ස්ථානයේ ය. එය පෙර වසරට සාපේක්ෂව ස්ථාන 6කින් පසුබැසීමකි.

    නේපාලය 81 වැනි ස්ථානයේත් බංග්ලාදේශය 84 වැනි ස්ථානයේත් පකිස්ථානය 99 වැනි ස්ථානයේත් පසුවේ.

    මෙම දර්ශකයේ ඉන්දියාවට වඩා සාගින්න අතින් වඩා නරක ලෙස ක්‍රියා කරන දකුණු ආසියාවේ එකම රට වන්නේ ගැටුම් පවතින ඇෆ්ගනිස්ථානය 109 පමණි.

    Global Hunger Index (GHI) යනු ගෝලීය, කලාපීය සහ ජාතික මට්ටමින් සාගින්න මැන බැලීම සහ ලුහුබැඳීම සඳහා වූ මෙවලමකි.

    ලෝක සාගිනි දර්ශකය මනිනු ලබන දර්ශක 4 හි මට්ටම් ශ්‍රී ලංකාවට අදාළව පෙන්වා ඇති අයුරු.

    GHI ලකුණු සංරචක දර්ශක හතරක අගයන් මත පදනම් වන්නකි.

    ප්‍රමාණවත් කැලරි ප්‍රමාණයක් නොමැති ජනගහනයේ කොටස හෙවත් මන්දපෝෂණය, නිදන්ගත මන්දපෝෂණය පිළිබිඹු කරන වයසට සරිලන උස අඩු වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ ‍ප්‍රමාණය, උග්‍ර ඌන පෝෂණය පිළිබිඹු කරන උසට සරිලන බර අඩු වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ කොටස, අවුරුදු 5ට පෙර මිය යන දරුවන්ගේ කොටස හෙවත් ළමා මරණ සංංඛ්‍යාව යනාදී දර්ශක මෙහිදී සළකා බැලේ.

    පහත දැක්වෙන්නේ ශ්‍රී ලංකාව මෙවර ලෝක සාගිනි දර්ශකයේ පවතින ස්ථානය පිළිබද අදහසකි.

    ශ්‍රී ලංකාවට සාපේක්ෂව ඉන්දියාව වඩා පහළ මට්ටමට මෙම දර්ශකයේ පිළිඹිබු කරන්නේ බරපතළ මට්ටමක් පෙන්වමිනි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img