fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ගෙන්වන බෙහෙත් වැඩි හරියක් අත්‍යාවශ්‍යම ඒවා ‍නෙවෙයි

    ගෙන්වන බෙහෙත් වැඩි හරියක් අත්‍යාවශ්‍යම ඒවා ‍නෙවෙයි

    මෙරටට ආනයනය කරනු ලබන ඖෂධ වර්ග වැඩි සංඛ්‍යාවක් මෙරට ජනතාවගේ භාවිතයට අත්‍යාවශ්‍යම ඒ්වා නොවන බවට හෙළිවී තිබේ.

    එක් ඖෂධ වර්ගයක් සඳහා සන්නාම විශාල ප්‍රමාණයකින් ඖෂධ ආනයනය කිරීම නිසා ඒ් පිළිබඳ නිසි නියාමනයක් සිදු නොවීමත් විශාල ගැටළුවක් බවට පත්ව ඇති බව ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුවේදි සාකච්ඡා වී ඇත.

    ඒ් නිසා මෙරට ජවතාවගේ ඖෂධ අවශ්‍යතාවය සහ එය සපුරාලීමට අත්‍යාවශ්‍යම ඖෂධ මොනවාද යන්න හඳුනා ගැනීම සඳහා කොවිඩ්- 19 වසංගත සමයේ පැවති ආකාරයේ ඉහළ පෙළේ තාක්ෂණික කමිටුවක් නැවත ස්ථාපනය කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු විය.

    මෙම අදහස් පළ වූයේ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව මෙරට ඖෂධ භාවිතය පිළිබඳ විද්වත් අදහස් ලබා ගැනීම සඳහා එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (14) රැස්වූ අවස්ථාවේදීය.

    එමෙන්ම මෙරටට ඖෂධ ආනයනය කිරීම හා බෙදාහැරීම පිළිබඳ ප්‍රසම්පාදන ක්‍රියාවලිය විශාල කාලයක් ගත වන සහ විධිමත් සම්බන්ධීකරණයක් නොමැති එකක් වීම සම්බන්ධව ද මෙහිදී අදහස් පළ කෙරිණි.

    මෙම ප්‍රසම්පාදන ක්‍රියාවලිය විධිමත් කිරීමට සහ මනා සම්බන්ධීකරණයක් සහිතව සිදු කිරිම සම්බන්ධව විද්වතුන් විසින් සිය අදහස් සහ යොජනා කමිටුව වෙත ඉදිරිපත් කරන ලදී.

    රෝග වලක්වා ගැනීම සඳහා දේශීය වෛද්‍ය විද්‍යාවේ ප්‍රත්‍යක්ෂ ඖෂධ භාවිත කිරීමේ හැකියාව පිළිබඳවද කමිටුවේ අවධානය යොමු විය.

    එයට අමතරව ලංකාවේ වැඩිපුරම ඖෂධ භාවිත කරන හෘද රෝග, දියවැඩියාව, අධික රුධිර පීඩනය සහ අධි කොලෙස්ටරෝල් තත්ත්වය වැනි රෝග අවම කිරීම සඳහා භාවිත කළ හැකි ආහාර සහ විකල්ප දේශිය ඖෂධ ප්‍රචලිත කිරීමේ අවශ්‍යතාවද මෙහිදී අවධාරණය කෙරිණි.

    දේශීය ඖෂධ නිෂ්පානයේදී මතුව ඇති ගැටළු සම්බන්ධවද කමිටුවේදී දිර්ඝ වශයෙන් සාකච්ඡා විය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.