තවත්

    මෛත්‍රී උසාවියට

    හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට ටික වේලාවකට පෙර කොළඹ උපරිමාධිකරණ සංකීර්ණයට පැමිණ තිබේ.

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතාට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පුද්ගලික පැමිණිල්ලක් ගොනු කර තිබුණි.

    ඊට අදාළ නඩු විභාගය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔහු විසින් පෙත්සමක් ගොනු කර ඇත.

    එම පෙත්සම අද අධිකරණය හමුවේ කැඳවන අවස්ථාවේදී පෙනී සිටීම සඳහා හිටපු ජනාධිපතිවරයා මෙලෙස අධිකරණය වෙත පැමිණ ඇත.

    සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ පෙත්සම කැඳවේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img