fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දිස්ත්‍රික් කිහිපයකට නායයාම් අවදානමක්

    දිස්ත්‍රික් කිහිපයකට නායයාම් අවදානමක්

    රටපුරා බලපා ඇති අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 3 කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

    ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයට නායනාමේ අවදානමක් පවතී.

    එමෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ අයගම, කිරිඇල්ල, ඇහැළියගොඩ,ඇලපාත, රත්නපුර, පැල්මඩුල්ල,නිවිතිගල,කුරුවිට සහ කළවාන යන ප්‍රදේශ සඳහා නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළේය.

    එසේම කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර, බුලත්සිංහල, වලල්ලාවිට, ඉංගිරිය, දොඩංගොඩ, අගලවත්ත, මතුගම හා බණ්ඩාරගම යන ප්‍රදේශ සඳහාද නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.