fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්WTC සුරූපිනියට එරෙහිව පැමිණිලි කරන්න කෝටිපතියෝ පස්ස ගසති

    WTC සුරූපිනියට එරෙහිව පැමිණිලි කරන්න කෝටිපතියෝ පස්ස ගසති

    කොළඹ කොටුව ලෝක වෙළද මධ්‍යස්ථානයේ 34 වෙනි මහලේ කාර්යාලයක් පවත්වාගෙන යමින් මෙරට කෝටිපතියන් රැසක් දනින් වැට්ටවූ සූරූපිනියට එරෙහිව ඇගේ වංචාවට හසුවූ එම කෝටිපතියන් පැමිණිලි ඉදිරිපත් නොකර සිටීමේ තත්ත්වයක් මතුවෙමින් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු අනාවරණය කළේය.

    ඊට හේතු වී ඇත්තේ ඔවුන්ගෙන් වැඩි දෙනෙක්ට ඇයට ලබාදුන් මුදල් නීත්‍යානුකූලව උපයාගත් අයුරු හෙළිකිරීමට හැකියාවක් නොමැති බැවිනි. එසේම පැමිණීලි ඉදිරිපත් කළා යැයි කියා තමන්ට නැවත එම මුදල් නොලැබෙන බව කියා ඇතැම් පුද්ගලයින් මෙම තැනැත්තියට එරෙහිව පැමිණිලි කිරීමෙන් වැලකී සිටින බවද කියති.

    රුපියල් කෝටි 75ක මුදලක් ඇයට ලබාදී එය අහිමිකරගෙන සිටින වෛද්‍යවරයා පැමිණිල්ල මෙතෙක් කර නැත්තේ සිය පවුල බිද වැටේ වියැයි කියමිනි.

    අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විශ්වාස කරනුයේ
    ෙඇය විසින් කර ඇති වංචාවේ ප්‍රමාණය රුපියල් කෝටි 1000 ඉක්මවා යනු ඇතැයි කියාය.

    එහෙත් ඇයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් ලැබී ඇත්තේ මුල් පැමිණිලි 08 පමණි. ඊට අනුව ඇය විසින් වංචාකර ඇති මුදල රුපියල් කෝටි 251කි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ ඇයට එරෙහිව පැමිණිලි කිරීමට ඇයට මුදල් ලබාදුන් පුද්ගලයින් මැළි කමක් නොදැක්වූවත් ඉදිරියේදී ඇගේ පරිගණක පද්ධතියෙන් සහ දුරකතනයෙන් ඒ අය ගැන තොරතුරු හෙළිකර ගැනීමෙන් පසු අධිකරණයට ඔවුන් ගැන තොරතුරු වාර්තා කරන බවය. එහිදී ඒ අයට ගැලවීමක් නොමැති වන බවද එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.