තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩුබායි ඉඳන් කුඩු බිස්නස් කරන ශිරාන් බාසිකගේ පුතා ලක්ෂ 315ක වාහන දෙකක්...

    ඩුබායි ඉඳන් කුඩු බිස්නස් කරන ශිරාන් බාසිකගේ පුතා ලක්ෂ 315ක වාහන දෙකක් එක්ක අත්අඩංගුවට

    ඩුබායි සිට මෙරට මත්කුඩු ජාවාරම මෙහෙයවන ප්‍රධාන පෙලේ මත්කුඩු ජාවාරම්කරුවෙක් ලෙස හදුනාගෙන සිටින ශිරාන් බාසික් නැමැත්තාගේ විසි හැවරදි පුතාව සුඛෝපභෝගී ජිප් රථයක් සහ මෝටර් රථයක් සමඟ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    එම වාහන දෙකෙහි වටිනාකම රුපියල් ලක්ෂ 315ක් වන අතර එම වාහන දෙක කුඩු සල්ලිවලින් උපයාගත් මුදල් වලින් ශිරාන් බාසික් විසින් සිය පුතාට මිලදී ගෙන දී ඇතැයි විමර්ශන වලින් අනාවරණය වී ඇත.

    ශිරාන් බාසික් නැමැති මත්කුඩු ජාවාරම්කරුගේ වත්කම් සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණයෙන් විමර්ශනයක් පැවැත්වෙන බවත් එහිදී ඔහුට අයත් බව කියන රුපියල් කෝටි 15ක් පමණ වටිනාකමක් ඇති හෝටලයක්ද ඉකුත් 08 වෙනිදා තහනම් කළ බවත් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාශය සඳහන් කළේය.

    එම හෝටලය වෙනත් පුද්ගලයෙක් මගින් මිලදී ගෙන ශිරාන් බාසික්ගේ පුතා විසින් එය කුළියට ගෙන පවත්වාගෙන යන මුවාවෙන් පවත්වාගෙන යමින් සිටි බව විමර්ශන වලින් පෙණී ගොස් තිබුණි. එම හෝටලයේ නවීකරණ කටයුතු සඳහා පමණක් ලක්ෂ 160ක් ශිරාන් බාසික්ගේ පුතා විසින් වැයකර ඇති බවද විමර්ශන වලින් අනාවරණය වී තිබුණි.

    ශිරාන් බාසික් නැමැති මත්කුඩු ජාවාරම්කරුට හෝටල් ඇතුළු දේපොල රැසක් ගැනද තොරතුරු ඇති බැවින් ඒ ගැනද මේ වන විට විමර්ශන පැවැත්වෙන බව නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාශය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img