තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනය මිලියන 02ක කොන්ත්‍රාත්තුවක් බව හෙළිවේ

    මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනය මිලියන 02ක කොන්ත්‍රාත්තුවක් බව හෙළිවේ

    මිනුවන්ගොඩ ත්‍රිත්ව ඝාතනය පාතාලයට ලබාදුන් මිලියන 2ක කොන්ත්‍රාත්තුවකට අනුව සිදුවී ඇති බව හෙළිවී තිබේ.

    මෙම ඝාතනයේ මහ මොළකරු ලෙස සැලකෙන කරවලයා නමින් හදුන්වන කරවල ව්‍යාපාරිකයා විසින් එම කොන්ත්‍රාත්තුව ඩුබායි හී රැදී සිටින මහේෂ් නැමැති පාතාල අපරාධකරුට ලබාදී ඇති බව පෙනී ගොස් ඇත.

    විශේෂ කාර්ය බලකාය විසින් එම කොන්ත්‍රාත්කරුව අත්අඩංගුවට ගෙන තිබේ. ප්‍රශ්න කිරීම් හමුවේ ඔහු පවසා ඇත්තේ නිවසේ තිබුණු රන් භාණ්ඩ උකස්කර සහ විකුණා දමා තමාගේ පුතාව මරා දැමූවන් මරා දැමීමට මහේෂ්ට කොන්ත්‍රාත්තුව දුන් බවය.

    මහේෂ් නැමැති එම අපරාධකරු ඩුබායි වෙත පළාගොස් සිටින ගම්පහ පැත්තේ ක්‍රියාත්මක පාතාලයේ සාමාජිකයෙකි. මිනුවන්ගොඩ රන්භාණ්ඩ අලෙවි ස්ථානයක් කොල්ලකෑමක් සම්බන්ධයෙන් චෝදනා ලැබූවෙක් බවද සඳහන්ය. මෙම ත්‍රිත්ව ඝාතනයට ඔහු යොදාගෙන ඇත්තේ එම කොල්ලයට සම්බන්ධව සිටි ඔහුගේ ගෝලබාලයින් බවද විමර්ශනවලින් පෙනී ගොස් තිබේ.

    මෙම ත්‍රිත්ව ඝාතනයේ වෙඩික්කරුවා බවට හදුනාගෙන ඇති පුද්ගලයා ගුවවන් හමුදාවෙන් පළාවිත් සිටින මත්කුඩු භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින්නෙක් බවටද තොරතුරු අනාවරණය වී ඇත. ලකී නැමැති එම අපරාධකරු ගම්පහ අකරවිට පැත්තේ පදිංචිකරුවෙක් බවටද තොරතුරුද ලැබී තිබේ.

    මෙම සැකකරු මේ වන විට පළාගොස් සැඟව සිටින බවත් හෙට අනිද්දාම ඔහු අත්අඩංගුවට ගැනීමට හැකිවවනු ඇති බව පොලීසිය විශ්වාස කරයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img