fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්WTC සුරූපිනිය 5 වතාවක්ම පොලිස් අත්අඩංගුවට පත්වූ තැනැත්තියක්

    WTC සුරූපිනිය 5 වතාවක්ම පොලිස් අත්අඩංගුවට පත්වූ තැනැත්තියක්

    කොළඹ කොටුව ලෝක වෙළද මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ සිය කාර්යාලය පවත්වාගෙන යමින් දැවැන්ත මූල්‍ය වංචාවක නිරතවීමක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සුරූපිනියව මෙයට පෙර පස් වතාවක්ම අත්අඩංගුවට ගෙන ඇති බව අනාවරණය වී තිබේ.

    වඩුවාවරලගේ තිලිණි ප්‍රියමාලි නැමැති එම කාන්තාව මුලින්ම අත්අඩංගුවට ගෙන ඇත්තේ 2017 වසරේ නොවැම්බර් 04 වෙනිදා කුරුදුවත්ත පොලිස් ස්ථානයේ නිලධාරීන් විසිනි.

    අනතුරුව ඇය නැවත වරක් අත්අඩංගුවට ගෙන ඇත්තේ මිරිහාන පොලීසියේ නිලධාරීන් විසිනි. ඒ 2018 වසරේ අගොස්තු 04 වෙනිදාය.

    තෙවැනි වරට ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. ඒ 2018 වසරේ අගොස්තු 20 වෙනිදාය.

    සිව් වැනි වරටත් ඇයව අත්අඩංගුවට ගෙන ඇත්තේද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. එවරද ඇයව අත්අඩංගුවට ගෙන තිබෙන්නේ 2018 වසරේ නොවැම්බර් 04 වෙනිදාය.

    පොලිස් තොරතුරුවලට අනුව ඇයව පස් වැනි වරට අත්අඩංගුවට පත්ව ඇත්තේ 2022 වසරේ ජූලි 20 වෙනිදාය. ඒ මීගමුව පොලීසියේ නිලධාරීන් විසිනි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නැවතත් ඇයව ඉකුත් 06 වෙනිදා අත්අඩංගුවට ගෙන ඇත්තේ 06 වැනි වරට ඇයව අත්අඩංගුවට ගැැනීමක් ලෙස වාර්තා කරමිනි.

    මුල් අවස්ථාවන් වලදී ඇය සුළු ප්‍රමාණයන්වලින් වංචාවල නිරත වූවත් අවසානයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඇයව අත්අඩංගුවට ගැනීමෙන් පසු කෙරන විමර්ශන වලින් පෙනී ගොස් ඇත්තේ රුපියල් කෝටි 200කට අධික මුදලක් ඇය විසින් වංචාකර ඇති බවකි.

    ඇය මෙම වංචාවේ නිරතව ඇත්තේ ප්‍රභූවරුන් ඉතා සමීපව ඇසුරුකරමිනි. ඇය ප්‍රභූවරුන්ට සමීප වී ඇත්තේ විවිධ සමාජ සත්කාරක වැඩ සටහන් සඳහා ඒ අයට මූල්‍යමය දායකත්වයන් ලබා දෙමින් බවද පෙනී ගොස් ඇත.

    ඇය විසින් කර ඇති වංචාවේ ප්‍රමාණය කොපමණදැයි සිතා ගැනීමට නොහැකි බවත් බොහෝ පැමිණිලි නොලැබෙන තත්ත්වයක් පෙනෙන්නට ඇති බවත් අපරාධ පරික්ෂණ දෙපාාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. ඊට හේතුව මෙම කාන්තාව සතුව ආයෝජනයකර ඇත්තේ උපයාගත් ආකාරයට හෙළි කිරීමට නොහැකි මුදල් බවත් ඇතැම් අය මේ ගැන පැමිණිලිකළහොත් බදු වංචාවන්ට හසුවීමේ බියක් දැක්වීම නිසා පැමිණිලි කිරීමට බියක් දක්වන බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.