තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සංචාරකයන්ට ඉන්ධන පාස් එක දෙන හැටි

    සංචාරකයන්ට ඉන්ධන පාස් එක දෙන හැටි

    පෙරගෙවුම් කාඩ්පත් ක්‍රමයට ගෙවීම් කළ හැකි සංචාරක ඉන්ධන අවසරපත්‍ර නිකුත් කිරීම අද ආරම්භ කර තිබේ.

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසුවේ මෙමගින් දිවයින පුරා ඉන්ධන පිරවුම්හල් 300+ කදී ඉන්ධන මිලදී ගැනීම කළහැකි බවයි.

    ඒ සඳහා අමෙරිකානු ඩොලර්වලින් (USD) ගෙවීම් කරමින් මෙම පෙරගෙවුම් කාඩ්පත භාවිතා කිරීමට සංචාරකයින්ට හැකියාව ලැබේ.

    කාඩ්පත ගුවන්තොටුපළ, ඩයලොග් සහ සම්පත් බැංකු කවුන්ටරවලින් ලබාගත හැකිය.

    එමෙන්ම මෙම අවසර පත්‍රය සම්පත් බැංකු ශාඛාවලින් TOP-UP කර ගත හැක.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img