තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාන් පිටි මිලත් අඩුකිරීමට පියවර

    පාන් පිටි මිලත් අඩුකිරීමට පියවර

    තිරිඟු පිටි මිල ලබන සතියේදී පහළ දැමීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසයි.

    ඒ අනුව තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 250 දක්වා අඩු කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා කියාසිටී.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (03) පාර්ලිමේන්තු සැසිවාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    තවද, ආනයනික තිරිඟු පිටි මේ සතියේ සිට අඛණ්ඩව ශ්‍රී ලංකාවට ලැබෙන බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

    මීට අමතරව තිරිඟු පිටි කන්ටේනර් 100කට ආසන්න ප්‍රමාණයක් මේ වනවිටත් කොළඹ වරායට ගොඩබාමින් පවතින බව ඔහු කීය.

    ඩුබායි සහ තුර්කිය යන රටවලින් ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ආනයනය කරන බවත් පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාවට තිරිඟු පිටි ප්‍රවාහනය කිරීම ප්‍රමාද වීම හේතුවෙන් මිල ශීඝ්‍රයෙන් ඉහළ ගිය බවත් අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img