තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කල්පිටිය මුහුදේ ගිලෙන්නට ගිය ජීවිත 38ක් නාවික හමුදාවේ පිහිටෙන් ගොඩ එති

    කල්පිටිය මුහුදේ ගිලෙන්නට ගිය ජීවිත 38ක් නාවික හමුදාවේ පිහිටෙන් ගොඩ එති

    කල්පිටිය සිට බත්තලංගුණ්ඩුව දුපත වෙත දේශිය සංචාරකයන් පිරිසක් රැගෙන යාත්‍රා කරමින් සිටියදී, මුහුදු ජලය කාන්දුවීම හේතුවෙන් ආපදාවට පත් වූ ට්‍රෝලර් යාත්‍රාවක සිටි තිස් අට දෙනෙකු (38) නිරුපද්‍රිතව මුදා ගැනීම‍ට ශ්‍රි ලංකා නාවික හමුදාව අද (01) පස්වරුවේ කටයුතු කරන ලදි.

    අංක CN/34/4 යටතේ සංචාරකයන් ප්‍රවාහනය කිරීම සඳහා ලියාපදිංචි කර ඇති ඩ්‍රීමි ට්‍රැවල්ස් නමැති ට්‍රෝලර් යාත්‍රාව කල්පිටිය ජැටියේ සිට බත්තලංගුණ්ඩුව දූපත වෙත දේශීය සංචාරකයන් පිරිසක් රැගෙන යාත්‍රා කරමින් සිටියදී එම යාත්‍රාවේ පතුල ප්‍රදේශයෙන් යාත්‍රාව තුලට මුහුදු ජලය කාන්දුවී යාත්‍රාව ආපාදාවට පත්වී ගිලීයාමේ අවදානමකට ලක්වූ බව නාවික හමුදාව සඳහන් කරයි.

    ඒ බව යාත්‍රාවේ හිමිකරු විසින් කල්පිටිය ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය වෙත අද (01) දහවල් දැනුම් දීමක් සිදුකර තිබුණි. ඊට වහාම ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාව වයඹ නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනයට අනුයුක්ත පී 152 හා පී 228 යන වෙරළබඩ මුර යාත්‍රා සහ ශ්‍රී ලංකා වෙරළ ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සීජී 202 යන වෙරළබඩ මුර යාත්‍රාව ආපදාවට පත් යාත්‍රාව පිහිටි මුහුදු ප්‍රදේශයට පිටත් කර හැරීමට කටයුතු කෙරුණු බව නාවික හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේය.

    ඒ අනුව, නාවික හමුදා යාත්‍රා මඟින් ආපදාවට පත් ට්‍රෝලර් යාත්‍රාවේ සිටි ක්‍රියාකරුවන් තිදෙනකු සමඟ පිරිමි පුද්ගලයන් තිස් දෙදෙනෙකු (32) සහ කාන්තාවන් හය දෙනෙකු (06) ඇතුළු දේශීය සංචාරකයන් තිස් අ‍ට දෙනෙකු (38) නිරුපද්‍රිතව මුදා ගැනීමට සමත්ව ඇත. අනතුරුව, කල්පිටිය ධීවර වරාය වෙත ඔවුන්ව රැගෙන ඒමට කටයුතු කර තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img