fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හරක්කටා බේරාගන්න ජනපති නීතීඥවරයෙක් ප්‍රමුඛ නීතීඥ කණ්ඩායමක් ඩුබායි ගිහින්

    හරක්කටා බේරාගන්න ජනපති නීතීඥවරයෙක් ප්‍රමුඛ නීතීඥ කණ්ඩායමක් ඩුබායි ගිහින්

    ඩුබායි පොලිස් අත්අඩංගුවේ සිටින හරක් කටාව මෙරටට භාරනොදී නිදහස්කර ගැනීමට ජනාධිපති නීතීඥවරයෙකු ඇතුළු නීතීඥ කණ්ඩායමක් ඩුබායි වෙත ගොස් ලොකු මෙහෙයුමක නිරතව සිටින බවට තොරතුරු මෙරට බුද්ධි අංශ වෙත ලැබී තිබේ.

    එම ජනාධිපතිවරයා සමඟ ඩුබායි වෙත ගොස් සිටින කණ්ඩායම අතර නීතීඥවරු පස් දෙනෙක් සිටින බව සඳහන්ය.

    සතියකට වැඩි කාලයක් තිස්සේ ඔවුන් එරට රැදී සිටිමින් එරට අධිකරණයට අභියාචනයක්ද ඉදිරිපත්කර ඇතැයි දැනගන්නට ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය.

    “හරක් කටාව බේරගන්න ලොකු උත්සහයක් ඒ අය ගන්නවා. ලොකු සල්ලියකුත් ඒ අයට ලැබිල තියෙනවා. අපිත් අපේ පැත්තෙන් කරන්න තියෙන උපරිමය කරනවා.“ යැයි එම නිලධාරියා පැවසීය.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.