fbpx
තවත්
    මුල් පිටුවspecialයුක්‍රේන ජනපති හදිසි ආරක්ෂක රැස්වීමක් කැඳවයි - පුටින් අත්සනට සූදානමින්

    යුක්‍රේන ජනපති හදිසි ආරක්ෂක රැස්වීමක් කැඳවයි – පුටින් අත්සනට සූදානමින්

    යුක්රේන ජනාධිපති ව්ලොදිමිර් සෙලෙන්ස්කි අද ඉහළ නිලධාරීන් සමඟ හදිසි රැස්වීමක් පවත්වනු ඇති එරට වාර්තා පවසයි.

    එහිදී යුක්රේනයේ කලාප හතරක් ඈඳා ගැනීමේ රුසියානු සැලසුම් පිළිබඳ ‘මූලික තීරණ’ ගනු ඇති බව නිලධාරියෙක් ඊයේ පැවසූ බව එරට වාර්තා සඳහන් කරයි.

    සෙලෙන්ස්කිගේ කාර්යාලය පැවසුවේ ජාතික ආරක්ෂක සහ ආරක්ෂක කවුන්සිලය අද රැස්වන බවයි

    අද දිනයේ දී රුසියාව එම යුක්‍ර‍ේන කලාප ඈඳාගැනීමේ ලියකියිවලට අත්සන් තැබීමට නියමිතය.

    රුසියාව යුක්‍රේනයේ අල්ලා ගන්නා ලද ප්‍රදේශ ඈඳා ගැනීම ප්‍රකාශයට පත්කරනුයේ රුසියාව විසින් පාලනය කරන ලද යුක්‍රේන භූමිවල පවත්වන ලද ව්‍යාජ ජනමත විචාරණයකින් බව බටහිර රටවල් චෝදනා කරයි.

    යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි ඊනියා ජනමත විචාරණ නීති විරෝධී බව නැවත නැවතත් පවසා ඇති අතර ශක්තිමත් යුක්රේන ප්‍රතිචාරයක් ගැන ද අනතුරු අඟවා තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.