තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දළදා සමිඳු ආශිර්වාද ගැන්වූ රණවිරු ධජ පූජාව

    දළදා සමිඳු ආශිර්වාද ගැන්වූ රණවිරු ධජ පූජාව

    ශ්‍රී ලංකා යුද හමුදාවේ වාර්ෂික ධජ පූජාව මහනුවර ශ්‍රී දළදා මාලිගාවේදී අද (28) පෙරවරුවේ සිදුකෙරිණි.

    යුද හමුදාවේ 73 වන දිනය නිමිත්තෙන් යුද හමුදාවේ සේනාංක, රෙජිමේන්තු, බලසේනාවල සියලු ධජ, දන්ත ධාතූන් වහන්සේ හමුවේ ආශිර්වාද ගැන්වීම මේ යටතේ සිදුවිය.

    යුද හමුදාපති ලුතිනන් ජනරාල් විකුම් ලියනගේ මහතාගේ ප්‍රධානත්වයෙන් හමුදා ධජ පෙරටුව පැවැති ආචාර පෙළපාලිය මහ මළුවේ සිට දළදා මාලිගාව වෙත ප්‍රවේශ විය.

    ශ්‍රී දළදා මාලිගාවේදී දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් යුද හමුදාපතිවරයා පිළිගැනීමෙන් අනතුරුව දන්ත ධාතූන් වහන්සේ හමුවේ ධජ පූජාව සිදුවිය.

    මෙම ධජ පූජාව සිදුවූයේ ඔක්තෝබර් මස 10 වන දිනය යෙදෙන ශ්‍රී ලංකා යුද හමුදාවේ සංවත්සරයට සමගාමීවය.

    යුද හමුදාවේ සියලු සේනාංකවල ඉහළ නිලධාරීන් රැසක් මේ අවස්ථාවට එක්විය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img