fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජාතික සභාව අද රැස්වෙයි

    ජාතික සභාව අද රැස්වෙයි

    ජාතික සභාව පළමු වරට අද (29) අද පෙරවරු 10.30ට පාර්ලිමේන්තුවේ දී රැස්වේ.

    රටේ ආර්ථික හා දේශපාලනික ගැටලුවලට විසඳුම් සෙවීමේ අරමුණින් පිහිටුවන ලද ජාතික සභාවේ මූලික කරුණු පිළිබඳ එහිදී සාකච්ඡා කිරීමට නියමිතයි.

    ජාතික සභාව සඳහා දේශපාලන පක්ෂ විසින් පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් කතානායකවරයා වෙත ඉදිරිපත් කෙරිණ.

    ඒ අනුව ඩග්ලස් දේවානන්ද, නසිර් අහමඩ්, ටිරාන් අලස්, සිසිර ජයකොඩි, සිවනේසතුරේයි චන්ද්‍රකාන්තන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රවුෆ් හකීම්, පවිත්‍රා වන්නිආරච්චි හා වජිර අබේවර්ධන යන මහත්ම මහත්මින්ගේ නම් ඊට ඇතුළත් ය.

    මීට අමතරව‍ ඒ.එල්.එම් අතාවුල්ලා, තිස්ස විතාරණ, රිෂාඩ් බදියුදීන්, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, පලනි දිගම්බරන්, මනෝ ගනේෂන්, උදය ගම්මන්පිල හා රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරුන්ගේ නම් ද ජාතික සභාවට යෝජනා කර තිබේ.

    නාමල් රාජපක්ෂ, ජිවන් තොණ්ඩමන්, ගජේන්ද්‍ර කුමාර්, අතුරලියේ රතන, අසංක නවරත්න, අලි සබ්රි රහිම්, සි.වී විග්නේෂ්වරන්, වීරසුමන වීරසිංහ හා සාගර කාරියවසම් යන මහත්වරුන් ද ජාතික සභාවට ඇතුළත් ය.

    කෙසේ වෙතත් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ ඩලස් අලහප්පෙරුම පාර්ශවය නියෝජනය කරමින් කිසිදු මන්ත්‍රීවරයෙකු ඊට නම් කර නැත.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.