තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලොරියක රහස් කුටියකින් මතුවූ මිලියන 50ක් වටිනා දේ..

    ලොරියක රහස් කුටියකින් මතුවූ මිලියන 50ක් වටිනා දේ..

    ඉන්දියාවේ සිට ධිවර බෝට්ටුවල මන්නාරමට රැගෙන පැමිණි කේරල ගංජා කිලෝ 166ක් කුඩා ලොරි රථයක රහස් කුටියක සඟවා ප්‍රවාහනය කරමින් තිබියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් අද මන්නාරමේදී සැකකරුවන් තිදෙනෙක් සමඟ අත්අඩංගුවට ගත්තේය.

    පාර්සල් 56ක් ලෙස අසුරා තිබුණු එම ගංජා තොගය ඉතා සූක්ෂමව ලොරි රථයේ පිටුපස කොටසේ රහස් කුටීරයේ සඟවා තිබී ඇත.

    මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහාස මෙම රහස් කුටිය සකස්කර තිබී ඇතැයි විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.

    ප්‍රශ්න කිරීම් හමුවේ සැකකරුවන් පවසා ඇත්තේ වැලිඔයට මෙම ගංජා තොගය රැගෙන යන බවය. එහි ගබඩාකර තබා රටපුරා බෙදා හැරෙන බවද විමර්ශන වලින් පෙනී ගොස් ඇත.

    මෙම ගංජා තොගය ඉන්දියාවේ සිට රැගෙන විත් මන්නාරමේ සඟවා තබා පසුව මෙසේ ප්‍රවාහනය කරනුයේ මන්නාරමෙන් පිටවන වාහන පොලිස් හා හමුදා මුරපොලකදී දැඩි සෝදිසියකට ලක්වන බැවින් බවද අනාවරණය වී තිබේ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img