තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උඩුවේ ධම්මාලෝක හිමිට උසාවියෙන් නොතීසි

    උඩුවේ ධම්මාලෝක හිමිට උසාවියෙන් නොතීසි

    උඩුවේ ධම්මාලෝක හිමි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද(28) නොතීසි නිකුත් කර තිබේ.

    ඒ උඩුවේ ධම්මාලෝක හිමියන් විහාරාධිපතීත්වය දරන පොල්හේන්ගොඩ ඇලන් මැතිනියාරාම විහාරස්ථානයේ ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කීරීමට එරෙහිව එල්ල වූ පෞද්ගලික පැමිණිල්ලකට අදාළව අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් එළඹෙන ඔක්තෝබර් මස 31වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටය.

    උන්වහන්සේට විරුද්ධව අදාල නඩුව ගොනු කරනු ලැබුවේ ඉන්දියාවේ මෙරට මහ කොමසාරිස් ධුරයෙහි කටයුතු කරන මිලින්ද මොරගොඩ, පරිසර යුක්ති කේන්ද්‍රය, ගාවින්ද ජයසිංහ, වෛද්‍ය කාලිංග කළුපෙරුම, ඩිරේන් ආර්. හලොක්, කමලේෂ් ජෝන්පිල්ලෙයි යන පාර්ෂව 6ක් විසිනි.

    ඇලන් මැතිනියාරාමයේ ශබ්ද විකාශන යන්ත්‍රවලින් නිකුත්වන විස්තීරණ ශබ්දවලට සවන් දීමට තම අකමැත්තෙන් කටයුතු කළ බව පැමිණිලිකරුවන් හයදෙනා චෝදනා කර තිබූ අතර අපරාධ නඩු විධාන සංග්‍රහයේ 98 වැනි වගන්තිය ප්‍රකාරව ප්‍රදේශයේ සිදුවන ශබ්ද දූෂණය වැලැක්වීම සඳහා අධිකරණයේ බලය ඉල්ලා ඇත.

    කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේ දී ධම්මාලෝක හිමියන් අධිකරණයට පැමිණ නොසිටි අතර නඩුව එළඹෙන ඔක්තෝබර් 31 වැනිදා යළි කැඳවීමට ද තීරණය කර ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img