තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජාතික සභාව ප්‍රථම වරට අනිද්දා රැස්වෙයි - පාර්ශ්ව 3ක නියෝජනයක් නෑ

    ජාතික සභාව ප්‍රථම වරට අනිද්දා රැස්වෙයි – පාර්ශ්ව 3ක නියෝජනයක් නෑ

    පළමු වරට ජාතික සභාව බ්‍රහස්පතින්දා (29) රැස්වන බව කතානායක මහින්ද යපා අබේවර්ධන මහතා පවසයි.

    කතානායකවරයා සඳහන් කළේ, ඉදිරි කටයුතු පිළිබඳ එහිදී සාකච්ඡා කරන බවයි.

    මේ අතර ජාතික සභාව සඳහා දේශපාලන පක්ෂ විසින් පසුගිය දා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් කතානායකවරයා වෙත ඉදිරිපත් කෙරිණ.

    ඒ අනුව ඩග්ලස් දේවානන්ද, නසිර් අහමඩ්, ටිරාන් අලස්, සිසිර ජයකොඩි, සිවනේසතුරේයි චන්ද්‍රකාන්තන්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, රවුෆ් හකීම්, පවිත්‍රා වන්නිආරච්චි හා වජිර අබේවර්ධන යන මහත්ම මහත්මින්ගේ නම් ඊට ඇතුළත් ය.

    මීට අමතරව‍ ඒ.එල්.එම් අතාවුල්ලා, තිස්ස විතාරණ, රිෂාඩ් බදියුදීන්, විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, පලනි දිගම්බරන්, මනෝ ගනේෂන්, උදය ගම්මන්පිල හා රෝහිත අබේගුණවර්ධන මන්ත්‍රීවරුන්ගේ නම් ද ජාතික සභාවට යෝජනා කර තිබේ.

    නාමල් රාජපක්ෂ, ජිවන් තොණ්ඩමන්, ගජේන්ද්‍ර කුමාර්, අතුරලියේ රතන, අසංක නවරත්න, අලි සබ්රි රහිම්, සි.වී විග්නේෂ්වරන්, වීරසුමන වීරසිංහ හා සාගර කාරියවසම් යන මහත්වරුන් ද ජාතික සභාවට ඇතුළත් ය.

    කෙසේ වෙතත් සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ ඩලස් අලහප්පෙරුම පාර්ශවය නියෝජනය කරමින් කිසිදු මන්ත්‍රීවරයෙකු ඊට නම් කර නැත.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img