fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩොලර්වලට ගෙවල් - පළමු නිවස විකුණයි

    ඩොලර්වලට ගෙවල් – පළමු නිවස විකුණයි

    නාගරික සංවර්ධන අධිකාරියට අයත් නිවාස ඩොලර්වලට අලෙවි කිරිමේ රජයේ වැඩපිළිවෙල යටතේ පළමු නිවස අද අලෙවි කර තිබේ.

    ඒ අනුව ඩුබායි හි රැකියාවේ නියුතු ශ්‍රී ලාංකිකයෙකු අද (27) උදෑසන නාගරික සංවර්ධන අධිකාරියේ වියත්පුර නිවාස සංකීර්ණයෙන් මෙම නිවස මිල දී ගෙන තිබේ.

    ඒ සදහා ඔහු ඩොලර් 40,000ක මුදලක් එවු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය කියයි.

    විදෙස්ගත ලාංකිකයන් හා ශ්‍රමිකයන් සදහා නාගරික සංවර්ධන අධිකාරිය මගින් ඉදිකළ මධ්‍යම ආදායම් නිවාස ඩොලර් මගින් මිල දි ගැනීමට අවශ්‍ය පහසුකම් සැලසීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පසුගිය දා පියවර ගත්තේය.

    ඩොලර් මගින් මෙම නිවාස මිල දී ගන්නා අයට 10% ක වට්ටමක් ලබා දිමට ද තීරණය කෙරිණි.

    මෙලෙස අද අලෙවි කරන ලද ගත් වියත්පුර නිවාස සංකීර්ණයේ නිදන කාමර 02 කින් යුතු නිවසේ වටිනාකම රුපියල් ලක්ෂ 158කි.

    ඩොලර් මගින් මිල දි ගන්නා විට 10%ක වට්ටමක් ලබාදීමේ පදනම යටතේ ඔහු විසින් අදාළ නිවස මිල දී ගෙන ඇත්තේ රුපියල් ලක්ෂ 142 කටය.

    මේ වන විට විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හා ශ්‍රමිකයන් රැසක් මෙම නිවාස මිල දි ගැනීම සදහා ඉල්ලුම් කර ඇතැයි නාගරික සංවර්ධන අධිකාරිය කියයි.

    මේ වසරේ දෙසැම්බර් මාසය වන විට ඩොලර් 275,000 ක ඉලක්කයක් සපුරා ගැනීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

    ඇමති ප්‍රසන්න රණතුංග මහතා සදහන් කළේ රටේ පවතින ඩොලර් අර්බුදයට ඇති පිළියමක් ලෙස නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ඉදි කෙරුණු මධ්‍යම ආදායම් නිවාස විදෙස්ගත ශ්‍රි ලාංකිකයන්ට හා ශ්‍රමිකයන්ට ඩොලර් මගින් මිල දී ගැනිමට පහසුකම් සැලසු බවයි.

    නාගරික සංවර්ධන අධිකාරිය මගින් එවැනි නිවාස ව්‍යාපෘති දෙකක් මේ වන විට අවසන් කර තිබේ.

    බොරැල්ල ඕවල්වීව් ව්‍යාපෘතිය නිවාස ඒකක 608 කින් සමන්විත අතර අංගොඩ ලේක්රෙස්ට් ව්‍යාපෘතිය නිවාස ඒකක 500 කින් සමන්විතය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.