තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඩුබායි සිට රැගෙන ආ කෝටි දෙකක රන් බිස්කට් පන්නන්න හැදූ ගුවන්තොටේ ආරක්ෂක...

    ඩුබායි සිට රැගෙන ආ කෝටි දෙකක රන් බිස්කට් පන්නන්න හැදූ ගුවන්තොටේ ආරක්ෂක නිලධාරියා කොටුවෙයි

    ඩුබායි සිට මෙරටට පැමිණි ඉන්දියානු ගුවන් මගියෙකු විසින් රැගෙන පැමිණියේ යැයි සැකකරන රුපියල් කෝටි දෙකක් පමණ වටිනා කිලෝ එකක් බරැති රන් බිස්කට් 08ක් ගුවන්තොටුපොලින් පිටකිරීමට උත්සහගත් ගුවන්තොටුපොලේ ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරියෙකු රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගත්තේය.

    කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම ආරක්ෂක නිලධාරියා 40 වියැති අයෙකි.

    රන් බිස්කට් තොගය ආරක්ෂක නිලධාරියා සිය කලිසම් සාක්කුවේ සඟවාගෙන රේගු පර්යන්තය පසු කිරීමට උත්සහ දැරීමේදී අත්අඩංගුවට ගැණුන බව රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය සඳහන් කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img