තවත්
    මුල් පිටුවspecialනාසි ස්වස්ථිකය ඇඳන් ආ වෙඩික්කරු පාසලක් තුළ වෙඩිතබයි - සිසුන් 7ක් මරුට

    නාසි ස්වස්ථිකය ඇඳන් ආ වෙඩික්කරු පාසලක් තුළ වෙඩිතබයි – සිසුන් 7ක් මරුට

    නාසි හමුදාවන්ගේ සංකේතය වු ස්වස්ථිකය පැළඳ පැමිණි තුවක්කුකරුවෙකු විසින් රුසියාවේ පාසලක් තුළ වෙඩිතැබීමක් සිදුකර තිබේ.

    මෙම වෙඩි තැබීමෙන් ළමුන් හත් දෙනෙකු මරණයට පත්ව සහ තවත් 20 දෙනෙකු තුවාල ලබා ඇති බවත් පසුව වෙඩික්කුරු විසින් සිහ දිවි හානිකරගෙන ඇති බවද රුසියානු මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    අදාල වෙඩික්කරු හට නාසි මතදාරීන් සමඟ සම්බන්ධතාවයක් පවතින්නේද යන්න පිළිබඳ විශේෂ විමර්ශයක් සිදුකරන බවද රුසියානු බලධාරීන් ප්‍රකාශ කර තිබේ.

    වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා අදාල පාසලේ අධ්‍යාපනය ලැබූ වයස අවුරුදු තිහක් පමණ වූ තැනැත්තෙකු බවට අනාවරණය කරගෙන තිබේ.

    රුසියාන මධ්‍ය වර්තා කරන ආකාරයට ආරක්ෂක අංශ විසින් වෙඩික්කකුරුගේ නිවසේ විශේෂ සොදිසි කිරීමක් සිදුකර ඇත. එමෙන්ම ඔහුගේ වටා පිටාවත් ඔහු ඇසුරු කළ පිරිස සම්බන්ධයෙන්ද සොයා බැලීම් සිදුකරන බවද රුසියානු ආරක්ෂක අංශ පවසයි.

    විමර්ශකයින් විසින්‌ කෙටි විඩියෝවක් නිකුත් කර ඇති අතර ඒහි වෙඩික්කුරුගේ සිරුර පන්ති කාමරයක බිම වැතිර තිබෙන අයුරු දැක ගැනීමට හැකියාව ලැබේ. එහිදී පන්ති කාරමය තුල කඩදාසි විසිරී ඇති අයුරුද දැක ගැනීමට හැකියාව පවතී.

    සිද්ධිය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපතිවරයා සිය දැඩි කණගාටුව ප්‍රකාශයට පත්කර ඇති බවටද වාර්තාවේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img