fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොලිස් නිලධාරියෙක් නිසා තඹුත්තේගම දී වැරදුණු කොල්ලය (📹📸)

    පොලිස් නිලධාරියෙක් නිසා තඹුත්තේගම දී වැරදුණු කොල්ලය (📹📸)

    තඹුත්තේගම පිහිටි පෞද්ගලික බැංකුවක තැන්පත් කිරීමට ව්‍යාපාරිකයෙකු රැගෙන පැමිණි රුපියල් ලක්ෂ 223ක මුදලක් සන්නද්ධ පුද්ගලයින් දෙදෙනෙක් විසින් යතුරු පැදියකින් පැමිණ අද දහවල් මංකොල්ලකෑවේය.

    මෙම කොල්ලය සිදුකර පළායන සැකකරුවන්ව දුටු තඹුත්තේගම පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ සැරයන් බුද්ධික කුමාර නිලදාරියා නිර්භීත ක්‍රියාත්මක වෙමින් සන්නන්ධව සිටි කොල්ලකරුවන් මෙල්ලකරමින් මුදල් සුරක්ෂිතව බේරාගෙන කොල්ලකරුවන්වද අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම කොල්ලකරුවන් තඹුත්තේගම පදිංචිකරුවන්ය. ඒ අය අතර මුදල් තැන්පත් කිරීමට රැගෙන යමින් තිබුණු බැංකුවේ ආරක්ෂක නිලධාරියෙක්ද සිටින බව පොලීසිය කියයි.

    මෙම කොල්ලකරුවන් සතුව තිබී බෝර 12 වර්ගයේ ගිනි අවියද පොලීසිය පොලීසිය සිය භාරයට ගෙන ඇත. සැකකරුවන් දෙදෙනා රදවාගෙන ප්‍රශ්න කරමින් තිබේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.