තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපතිට එරෙහි නඩුවක් ගැන උසාවිය ගත් තීන්දුව

    ජනපතිට එරෙහි නඩුවක් ගැන උසාවිය ගත් තීන්දුව

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව නඩු කටයුත්තක් පවත්වාගෙන යා නොහැකි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

    ඒ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා වගඋත්තරකරුවෙකු ලෙස නම් කර ඇති නඩුවකි.

    පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට පියවර නොගැනීම සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්වල රනිල් වික්‍රමසිංහ මහතා වගඋත්තරකරුවකු කර සිටියේය.

    අගවිනිසුරු ජයන්ත ජයසූරිය ප්‍රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් ඉහත නියෝගය නිකුත් කර තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img