fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හම්බන්තොට වරායේ රෝරෝ මෙහෙයුම් ගැන ජපන් වෙළෙඳපොල දැනුවත් කෙරේ

    හම්බන්තොට වරායේ රෝරෝ මෙහෙයුම් ගැන ජපන් වෙළෙඳපොල දැනුවත් කෙරේ

    හම්බන්තොට වරායේ මූලික ව්‍යාපාරය වන රෝරෝ මෙහෙයුම් ඇතුළු අනෙකුත් සේවාවන් පිළිබඳ ජපන් වෙළෙඳ පොළ දැනුවත් කිරීමට හම්බන්තොට ජාත්‍යන්තරවරාය සමූහයේ (HIPG) අලෙවිකරණ කණ්ඩායමක් ජපානයේ චාරිකාවක පසුගිය දා නිරතව තිබේ.

    සංචාරක සීමාවන් ඉවත් කිරීමෙන් පසු ලැබුණු පළමු අවස්ථාවෙන්උපරිම ප්‍රයෝජනයගත් HIPG කණ්ඩායම ජපානයේ ශ්‍රීලංකා මෝටර් රථ සංගමය (SLAAJ) සහ ජපානයේ භාවිතාකරන ලද මෝටර් රථ අපනයනකරුවන්ගේ සංගමය (JUMVE) හමුවී, හම්බන්තොට ජාත්‍යන්තර වරාය, වාහන ප්‍රතිනැව්ගතකිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ලබමින් සිටින ප්‍රසිද්ධිය පිළිබඳ සාකච්ජා ඇරඹී බව හම්බන්තො වරාය බලධාරීන් සඳහන් කරයි.

    භාවිත කළ වාහන අපනයනකරුවන්ගේ සංගමය, HIP කණ්ඩායමහට ජපානයේ විදේශඅමාත්‍යාංශ නිලධාරීන් සහ අනෙකුත් ඉහළ නිලධාරීන් හමුවීමේ අවස්ථා උදාකරදුනි. යොකොහාමා වරායේ සභාපති ශින්සුකේ ඉටෝ මහතා ඇතුළු වරාය නිළධාරීන් හමුවූ HIPකණ්ඩායම, රෝරෝ මෙහෙයුම් සහ අදාළ සේවා සඳහා HIP සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ඇති ඉඩකඩසම්බන්ධයෙන් සාර්ථක සාකච්ඡා පැවැත්වූ බවද හම්බන්තොට වරාය බලධාරීන් පවසයි.

    “HIP විසින් සපයන ඉහළකාර්යක්‍ෂම සේවා මෙන්ම නැව් සමාගම් සමඟ සක්‍රීයව ක්‍රියා කරමින් ප්‍රතිනැව්ගතකිරීම සඳහා වාහන වරායට ගෙනඒම හේතුවෙන්, පසුගියවසරකිහිපයතුළ අපගේ රෝරෝ මෙහෙයුම් වේගයෙන් ව්‍යාප්ත වුනා. එසේවුවද, ශ්‍රීලංකාව ස්ථානගතකිරීම සඳහා කළයුතු තවත් බොහෝ දේ ඇතැයි අප විශ්වාස කරනවා. ඒ, අපගේ සේවාවේ ගුණාත්මකභාවය නිසා පමණක් නොව, මූලික වශයෙන් වරායේ උපාය මාර්ගික පිහිටීම සහ ප්‍රතිනැව්ගත කිරීමේ කේන්ද්‍රස්ථානයක් ලෙස HIP භාවිතා කිරීමෙන් ලබාගතහැකි පිරිවැය එලදායිතාව, සැලකිල්ලට ගනිමිනි. අප මෙහි පැමිණියේ යහපත් ප්‍රථිපල ලබාගැනීම සඳහා හමුවියුතු පාර්ශවයන් කවුරුන්දැයි පුළුල්ව අධ්‍යනය කිරීමෙන් අනතුරුවයි. ජපන් නැව් සමාගම් සහ අපනයනකරුවන් අප පිළිගත්ආකාරය ඉමහත් සතුටට කරුණක්,” HIPG හි වාණිජ හා අලෙවි කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී බින්දුරණසිංහ මහතා පැවසීය.

    රෝරෝ මෙහෙයුම්හි නියැලී සිටින ප්‍රධාන නැව් සමාගම් තුන ඇතුළුව නැව් සමාගම් පහක් හමුවූ HIP කණ්ඩායම, වර්තමාන ව්‍යාපාරිකතත්ත්වයන්, රෝරෝ මෙහෙයුම්සඳහා HIP සතු හැකියාව සහ වරායේ අනාගත සැලසුම් පිළිබඳ ඔවුන් සමග සාකච්ඡා කළහ. රෝරෝ ක්‍රියාකරුවන් මුහුණදෙන වත්මන් අභියෝග හමුවේ, හම්බන්තොට ජාත්‍යන්තර වරාය හරහා ප්‍රතිනැව්ගතකිරීමෙන් ලැබිය හැකි ප්‍රතිලාභ පිළිබඳ, භාවිතක ළමෝටර් රථ අපනයනකරුවන් දැනුවත් කිරීමේ අවස්ථාවද, HIP කණ්ඩායමට හිමිවිය.

    HIPG හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී තිස්ස වික්‍රමසිංහ මහතා පැවසුවේ, වරායේ ව්‍යාපාරික මාර්ග පුළුල් කිරීම මෙම සංචාරයේ මූලික අරමුණ වූ අතර, පාවිච්චි කළ මෝටර් රථ අපනයන ව්‍යාපාරය ඊට විශාල රුකුලක් වනබවයි.

    “ජපානයේ සිට අප්‍රිකාවට සහ මැදපෙරදිග රටවලට විශාල වශයෙන් වාහන අපනයනය සිදුවනු අප දැක තිබෙනවා. එම නිසා මෙම ක්ෂෙත්‍රය HIP වෙත රැගෙන ඒමේ අවස්ථා සෙවීම අත්‍යවශ‍ය බව අපට වැටහුනා. බොහෝ රටවල නොමැති, වාහන විශාල ප්‍රමාණයක් නවතාතැබීමේ පහසුකම් වරායට තිබෙනවා. මෙය අපනයනකරුවන් ආකර්ෂණය කිරීමට ඇති වැදගත් සාධකයක් වනඅතර වරාය තුළ තවත් අගය එක්කරන සේවාවන් රැසක් පිරිනැමීම සඳහා පියවර යොදා තිබෙනවා. එමෙන්ම, හම්බන්තොට ජාත්‍යන්තර වරායට යාබද ප්‍රධාන මුහුදුමාර්ග ඔස්සේ ගමන්ගන්නා නැව් සඳහා තෙල් සැපයීමේ සේවා ලබාගැනීමේ හැකියාවද, දීර්ඝ සාකච්ඡාවටලක්වූ තවත් කරුණක්. අපගේ උපාය මාර්ගික හවුල්කරුවන සයිනොපෙක් ඉන්ධන ලංකා සමාගම සමඟ මෙම නව ව්‍යාපාරය නොනැවතී කරගෙනයෑම තුළින් විශාල ඩොලර් ආදායමක් රටට ලබාදීමට අප බලාපොරොත්තුවනවා.”

    “අපගේ ඉලක්කයවන්නේ, වරායේ උපාය මාර්ගික පිහිටීම ඉහළ ඵලදායිතාව සහ ගුණාත්මක සේවාවන් ප්‍රයෝජනයට ගනිමින්, වරායේ ප්‍රතිනැව්ගතකිරීමේ පරිමාවන් ඉහළ නැංවීමයි,” ප්‍රධාන මෙහෙයුම් නිලධාරිවරයා වැඩිදුරටත්සඳහන්කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.