තවත්
    මුල් පිටුවspecialයුක්‍රේන ජනාධිති ඊශ්‍රයාලය ගැන නොසතුටින්

    යුක්‍රේන ජනාධිති ඊශ්‍රයාලය ගැන නොසතුටින්

    යුක්‍රේන ජනාධිපති වොලොදිමීර් සෙලෙන්ස්කි විසින් එරට යුද ගැටුම් සම්බන්ධයෙන් ඊශ්‍රායාලය කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් සිය විමතිය පළකර ඇති බවට වාර්තාවේ.

    මීට පෙර යුක්‍රේන ජනාධිපතිවරයා විසින් ඊශ්‍රායලයෙන් යුධ උපකරණ ලබාදෙන ලෙසට කළ ඉල්ලීම තවමත් ඉටු නොවීම සම්බන්ධයෙන් තමන් විමතියට පත්වන බව ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ.

    යුක්‍රේන ජනාධිපතිවරයා විසින් මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (24) දිනයේ පළවූ විශේෂ පුවත්පත් සාකච්ඡාවකට එක් අවස්ථාවේදීය.

    මෙහිදී ජනාධිපති සෙලෙන්ස්කි ප්‍රකාශ කර ඇත්තේ “ඊශ්‍රායලයට සිදු වූ දේ මම දන්නේ නැහැ. ඒත් මම අවංකවම කම්පනයට පත්ව සිටිනවා, ඇත්තටම ඔවුන්ට අපිට ගුවන් ආරක්ෂක පද්ධතියක් ලබා දිය නොහැකි වූයේ ඇයි කියලා මට තවමත් තේරෙන්නේ නැහැ,” යනුවෙනි.

    ඉකුත් පෙබරවාරියේ රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමඟම ජනාධිපති සෙලෙන්ස්කි විසින් ඊශ්‍රායලයෙන් ආයුධ ඉල්ලා සිටියේ. එහිදී ඔහු විසින් ගාසා තීරයේදී පලස්තීන සටන්කාමීන් විසින් ඊශ්‍රායලයට එල්ල කරන රොකට් ප්‍රහාර මැඩ පැවැත්වීමට යොදා ගන්නා ලොව ප්‍රකට අයන් ඩෝම් ආරක්ෂණ පද්ධතිය ලබා ගැනීමටද ඔහු අපේක්ෂා කළේය.

    කෙසේ වෙතත් ඊශ්‍රයාලය විසින් රුසියානු ආක්‍රමණය හෙලා දැක්කද යුක්‍රේනයට ආයුද සැපයීමට මැලි කමක් දක්වයි. ඒ අනුව ඊශ්‍රයාලය විසින් මේවන තෙක් මානුෂීය ආධාර පමණක් යුක්‍රේනයට ලබා දීමට පියවරගෙන තිබේ.

    ඊශ්‍රාහලයේ මෙම ක්‍රියා කළාපයට ඔවුන්ට තර්ජනයක් වී ඇති සිරියාව සමඟ රුසියාව විසින් සමීප සම්බන්ධතා පැවැත්වීමද හේතුවක් වී ඇති බවට සැලකිය හැකි බවද ජාත්‍යන්තර විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img