fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උපකාරක පංතියට ගිය සිසුවිය වැසිකිලියේදී සිසුවෙක් අතින් දූෂණය වෙයි

    උපකාරක පංතියට ගිය සිසුවිය වැසිකිලියේදී සිසුවෙක් අතින් දූෂණය වෙයි

    පදවිය පරාක්‍රමපුර පිහිටි සමූපාකාර උපකාරක පංති වැසිකිලියේදී 15 හැවරදි සිසුවියක් 16 හැවරදි සිසුවෙක් අතින් දූෂණය වීමක් සම්බන්ධයෙන් පොලීසිය විමර්ශනයක් ආරම්භ වී තිබේ.

    මෙම අපරාධය සිදුව ඇත්තේ මාස 06කට පෙර ය. එහෙත් පොලීසියට ඒ සම්බන්ධයෙන් පැමිණිල්ල ලැබී ඇත්තේ ඊයේය.

    සිසුවිය පදවිය යාය සී කලාපයේත් සිසුවා වව්නියාව බෝගස්වැවත් පදිංචිකරුවෙක් බවත් පොලීසිය කියයි.

    මෙම දෙදෙනා අතර පැවති ප්‍රේම සම්බන්ධයක්ද තිබී ඇතැයි පොලීසිය කියයි. සිසුවිය ගැබිණියක් බවට පත්වී ඇති බවත් ඒ ගැන දෙමාපියන් කළ සොයා බැලීමේදී ඇයට මෙම අපරාධය උපකාරක පංති වැසිකිලියේදී සිදුව තිබෙන බවත් අනාවරණය වී තිබේ.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.