fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කෝටියක් වටිනා අන්සතු ඉඩමක් තමාගේ කියා විකුණූ හෙරක් කොටුවෙයි

    කෝටියක් වටිනා අන්සතු ඉඩමක් තමාගේ කියා විකුණූ හෙරක් කොටුවෙයි

    කඩවත රන්මුතුගල පිහිටි රුපියල් එක්කෝටි තිස්හතර ලක්ෂයක් වටිනා ඉඩමක් සෑබෑ අයිතිකරු ලෙස පෙනී සිටිමින් අලෙවිකල කාන්තාවක් කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් ඊයේ අත්අඩංගුවට ගෙන තිබේ.

    එම කැබලි දෙකකින් සම්නවිත ඒ එක් ඉඩමක් පර්චර්ස් 67කින් යුක්ත එකක්වන අතර අනෙත් ඉඩම පර්චර්ස් 20ක එකකි.

    පර්චර්ස් 67 ක් වන ඉඩම හිමිව ඇත්තේ අතුකෝරාලගේ මල්ලිකා ගීතාංජලී අබේසේකර නැමැති අවුරුදු 48ක් වයසැති කාන්තාවකටය.

    එම කාන්තාව ලෙස පෙනී සිටි රාගම පදිංචිකාරියක් වන ජානකී බුද්ධිකා නැමැති වයස අවුරුදු 46ක් වන තැනැත්තියක් එම ඉඩම විකුණා ඇති බව කොළඹ අපරාධ කොට්ඨාශය සඳහන් කරයි.

    ඉඩමේ සැබෑ අයිතිකරු ලෙස පෙනී සිටීම සඳහා ඇය විසින් ජාතික හැදුණුම්පත් පවා සකස්කර තිබී ඇති අතර සැබෑ ඔප්පුවට සමාන ලෙස ව්‍යාජ ඔප්පුවක්ද සකස්කර තිබී ඇත.

    රුපියල් කෝටියකට අධික වටිනාකමක් ඇති එම ඉඩම විකුණා මුලින් ලබාගෙන ඇත්තේ වටිනාකමින් අඩක් වූ රුපියල් ලක්ෂ 67ක් පමණි.

    මෙම ඉඩම මිලදී ගත් පුද්ගලයින් එය මිලදී ගැනීමට පෙර ඉඩම් කච්චේරියෙන් ඔප්පු සහ පත්තිරුද පරීක්ෂාකර ඇති බව පොලීසිය කියයි. ඉඩමේ සැබෑ අයිතිකරු ලෙස කාන්තාවක් පෙනී සිටි බැවින් සහ ඇය ඔප්පුව මෙන්ම සිය හැදුණුම්පත් පවා ඉදිරිපත් කළ බැවින් කිසිදු සැකයක් ඇතිවී නැත.

    ඉඩම මිලදී ගත් අය තමන් වංචාවකට හසුවී ඇති බව දැන ගෙන ඇත්තේ සැබෑ අයිතිකරුවන් සහ වංචාවට හසුවූ පිරිස් එකිනෙකා මුණ ගැසීමෙන් අනතුරුවය. ඒ අනුව ඒ ගැන කොළඹ අපරාධ කොට්ඨාශයට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන පවත්වා ඉඩමේ සැබෑ අයිතිකරු ලෙස පෙනී සිටි කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ. මෙම වංචාව සංවිධානාත්මක සිදුවන ජාවාරමක් බවත් පාළුවට අතහැර ඇති ඉඩම් මෙසේ වංචාකරුවන්ගේ ග්‍රහණයට ලක්වන බවත් උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    තමන් මිලදී ගත් ඉඩමක් තිබේනම් එම ඉඩම් පාළුවට යන්නට ඉඩ නොදෙන ලෙසත් අඩුම තරමින් මසකට වරක් වත් එම ඉඩමට ගොස් පරීක්ෂාවක් කරන ලෙසත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.
    කොළඹ අපරාධ කොට්ඨාශය

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.