තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඇමති කෙහෙළිය මැතිසබේදී කළ වැරදි වැඩේ

    ඇමති කෙහෙළිය මැතිසබේදී කළ වැරදි වැඩේ

    දිවයිනේ විවිධ ප්‍රදේශවල මෑතකදී ස්ථාන කිහිපයක සිදුවූ බව වාර්තා වූ පාසල් උදෑසන රැස්වීම්වල දී ශිෂ්‍යයන් ක්ලාන්ත වී ඇද වැටීමේ සිදුවීම් පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී කතාබහක් මතුවිය.

    එහිදී සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පැවසුවේ තමා එම කරුණ බැහැර නොකරන නමුත් මිනුවන්ගොඩ පාසලක එවැනි සිදුවීමක් පිළිබඳ වාර්තා නොවූ බවට එම විදුහලේ විදුහල්පතිතුමියට තමා ඇමතූ අවස්ථාවේදී දැනගත් බවයි.

    ඒ අසල වෙනත් පාසලක එවැන්නක් සිදුවූයේ ද යන්න නිශ්චිත නැතැයි ඇය කියාසිටි බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවේ තමා ඇමතුම ගත් දුරකතන හඬපටය පාර්ලිමේන්තුවේ සිය මයික් එකට අල්ලමින් සියල්ලන්ට ඇසෙන පරිදි වාදනය කරමිනි.

    මෙහිදී කථානායකවරයා කියාසිටියේ අමාත්‍යවරයා කළ දේ වරදක් බවත් පාර්ලිමේන්තුව ඇමතිය හැක්කේ මන්ත්‍රීවරුන්ට පමණක් බව ය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img