fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්IMF එකඟතා ගැන ජනපතිගෙන් කථානායකට දැනුම්දීමක්

    IMF එකඟතා ගැන ජනපතිගෙන් කථානායකට දැනුම්දීමක්

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ ඇති කරගත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාව අවසන් ගිවිසුම නොවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දී තිබේ.

    පාර්ලිමේන්තුව අමතමින් කථානායකවරයා අද කියා සිටියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ දැනුම් දීමට අනුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇති කර ගත් කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම පිළිබඳව කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමට නියමිත බවය.

    ඉදිරියේදී කැබිනට් මණ්ඩලය හමුවී සාකච්ඡා කිරීම සඳහා විපක්ෂයට සහ අනෙකුත් උනන්දුවක් දක්වන පාර්ශ්වවලට ආරාධනා කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

    “අයි.එම්.එෆ් යන්න කලින් එම ගිවිසුම කැබිනෙට්ටුවට හා අදාළ අමාත්‍යවරුන්ට ඉදිරිපත් කරන බව ජනාධිපතිතුමා මට දැනුම් දුන්නා” යැයි කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවේ තොරතුරු හෙළි කරන ලෙස විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු නැවත නැවතත් රජයෙන් ඉල්ලා සිටීමෙන් පසුව මෙම නිවේදනය නිකුත් කෙරිණි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.