fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අන්තර් ජාලයෙන් කෙරන දුම්වැටි සහ මද්‍යසාර ප්‍රචාරනයන්ට වැට බැදේ

    අන්තර් ජාලයෙන් කෙරන දුම්වැටි සහ මද්‍යසාර ප්‍රචාරනයන්ට වැට බැදේ

    අන්තර් ජාලය ඔස්සේ දුම්වැටි සහ මද්‍යසාර ර භාවිතය ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් වූ වැටලීම් 169ක් වසරේ මුදල් මාස අට තුළ සිදු කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.‍

    අමාත්‍යවරයා සඳහන් කරන්නේ සුරාබදු දෙපාර්තමේන්තුවේ සයිබර් අපරාධ විමර්ශන ඒකකය මගින් මෙම වැටලීම් සිදුකර ඇති බවයි.

    දුම්කොළ සහ මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය මගින් මෙම ප්‍රවර්ධන කටයුතු සඳහා මාධ්‍ය ප්‍රතිපත්තියක් හඳුන්වා දී ඇති බවද අමාත්‍යවරයා පවසයි. මීට අමතර ඍජු හෝ වක්‍ර ප්‍රචාරයක් වේ නම් ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම සඳහා VNATA mobile application media violations නමින් ජංගම දුරකතන යෙදවුමක් හඳුන්වා දී ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

    2006 අංක 27 දරන දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාර පනත ප්‍රකාරව දුම්වැටි සහ මද්‍යසාර අධෛර්යට පත් කිරීම සඳහා රජය කටයුතු කරමින් සිටින බව පෙන්වා දෙන සියඹලාපිටිය අමාත්‍යවරයා ඇබ්බැහි වූවන් මුදා ගැනීම සඳහා උපදේශන සේවාවන් ද රජය මගින් ක්‍රියාත්මක කරන බව සඳහන් කරයි.

    කෙසේ වෙතත් දුම්වැටි සහ මද්‍යසාර භාවිතය අධෛර්යමත් කිරීම සඳහා රජය ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් සෞඛ්‍ය අංශ සඳහා වන වියදම අවම වනු ඇතැයි අමාත්‍යවරයා විශ්වාසය පළ කරයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.