fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්එළැඹෙන පොහොයේ පන්සල් අඳුරේ

    එළැඹෙන පොහොයේ පන්සල් අඳුරේ

    ආගමික ස්ථානවල විදුලි බිල ඉහළ දැමීමට විරෝධය පළකරමින් එළැඹෙන වප් පුර පසළොස්වක පොහොය දින දිවයින පුරා සියලුම විහාරස්ථානවල විදුලි පහන් නිවා දමන්නැයි මධ්‍යම පළාත් මහා සංඝ සභාවට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

    මධ්‍යම පළාත් මහා සංඝ සභාවේ රැස්වීම ඊයේ (සැප් 18) පස්වරුවේ පැවති අතර, ඒ සඳහා දායක සභාව ද එක්විය යුතු බව දන්වමින් භික්ෂූන් වහන්සේලා පිරිසක් මෙම යෝජනාව ගෙනවිත් තිබුණි.

    රැස්වීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පූජ්‍ය ගලහ සිරිසාන්ත හිමියෝ ප්‍රකාශ කළේ විශේෂයෙන්ම කඨින පූජෝත්සවය පැවැත්වෙන සමය ඉදිරියෙන් පවතින බවයි.

    “පන්සල්වල විදුලි බිල පස් ගුණයකින් වැඩිවෙලා. මගේ පන්සලේ විදුලි බිල මේ වන විට රුපියල් 60,000ක් වෙලා.”

    “මේ ප්‍රශ්නයට දායක සභාවත් එක්ක එකතුවෙලා විරෝධය පළකරමින් අපි අද යෝජනාවක් කරනවා එළඹෙන පොහොය දවසේ සියලුම විහාරස්ථානවල විදුලි පහන් නිවා පන්සල් අඳුරේ තියන්න කියලා. ඉදිරියේදී මෙය විශේෂ මැදිහත්වීමකින් රටපුරා ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.” යැයි ද උන්වහන්සේ කීහ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.