fbpx
තවත්
    මුල් පිටුවspecialචීනය ආක්‍රමණය කළොත් තායිවානය රකින්න අමෙරිකාව එයි

    චීනය ආක්‍රමණය කළොත් තායිවානය රකින්න අමෙරිකාව එයි

    චීනය විසින් තායිවානය ආක්‍රමණය කිරීමක් සිදු කළහොත් තායිවානය ආරක්ෂා කිරීමට ඇමරිකා එක්සත් ජනපද ආරක්ෂක අංශ යොදවන බවට එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් අවධාරණය කරයි.

    එක්සත් ජනපද ජනාධිපතිවරයා විසින් මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ (18) එක්සත් ජනපද රූපවාහිනී නාලිකාවකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමිණි.
    මෙම සම්මුඛ සාකච්ඡාවේදී චීනය තමන්ට අයත් බවට පැවසෙන තායිවානය ආක්‍රමණය කිරීමක් කළහොත් ඇමරිකාව මැදිහත්ව තායිවානය ආරක්ෂා කරන්නේදැයි විමසූ අවස්ථාවේදී ජනධිපතිවරයා මේබව ප්‍රකාශ කර තිබේ.
    ඒ අනුව මෙතෙක් ඇමරිකා එක්සත් ජනපදය විසින් තායිවානය සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තිය කුමන ස්භාවයක් ගනු ඇතිදැයි අපහැදිලිව පැවතිනි. කෙසේ වෙතත් ජනාධිපති බයිඩන්ගේ ප්‍රකාශයත් සමඟ එක්සත් ජනපදය විසින් තායිවානය සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තිය පැහැදිලි බවද ජාත්‍යන්තර විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

    මෙම නවතම ප්‍රකාශයත් සමඟ එක්සත් ජනපදය විසින් යුක්‍රේනය සම්බන්ධයෙන් අනුගමනය කරනු ලබන ප්‍රතිපත්තියට ඔබ්බෙන් වූ ප්‍රතිපත්තියක් අනුගමනය කරනු ඇති බව පැහැදිලි වී ඇත.

    කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ධවල මන්දිරය ප්‍රකාශිකාවගෙන් මේ සම්බන්ධයෙන් විමසා සිටියදී ඇය පවසා ඇත්තේ එක්සත් ජනපදය මෙතෙක් තායිවානය සම්බන්ධයෙන් අනුගමනය කළ ප්‍රතිපත්තිය තවදුරටත් නොවෙනස්ව පවතින බවයි.

    මීට පෙරද ජනාධිපති බයිඩන් විසින් මීට සමානම මතයක් ජපානයේදී ප්‍රකාශ කළ අතර එහිදී වහාම ධවල මන්දිරය විසින් එම ප්‍රකාශය නිවැරදි කිරීමට පියවර ගෙන තිබිණි.

    කෙසේවෙතත් යම් ආකාරයකින් චිනය සමඟ එක්සත් ජනපදය යුද්ධයකට සම්බන්ධ වුවහොත් එය තෙවන ලෝක සංග්‍රමය මෙන්ම න්‍යෂ්ටික යුද්ධයක් බවටද පත්වෙනු ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.