fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කුකුළු මස් මිලට නියමයක්!

    කුකුළු මස් මිලට නියමයක්!

    කුකුල් මස් (සම සහිත ශීත කළ) කිලෝග්‍රෑමයක් රුපියල් 1300ත් 1350ත් අතර මිලකට අද (19) අලෙවි කරන බව සමස්ත ලංකා කුකුළු නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

    සමස්ත ලංකා කුකුළු නිෂ්පාදනකරුවන්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා පැවසුවේ, අඛණ්ඩව කුකුළු නිෂ්පාදන වෙළෙඳපොළට නිකුත් කිරීම සම්බන්ධයෙන් සංගමයේ සාමාජිකයින් රැස්වී සාකච්ඡා කරන බවයි.

    ප්‍රධාන වශයෙන්ම සත්ත්ව ආහාර ලැබුණොත් කුකුළු නිෂ්පාදන වියදම අඩු කර ගත හැකි බව ඔහු පැවසීය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.