fbpx
තවත්
    මුල් පිටුවspecialපෘථිවියේ වතුර බිහිවූ හැටි ගැන අලුත්ම හෝඩුවාවක්

    පෘථිවියේ වතුර බිහිවූ හැටි ගැන අලුත්ම හෝඩුවාවක්

    පෘථිවියේ ජලය බිහි වීම සම්බන්ධයෙන් නවතම හෝඩුවක් අනාවරණය කර ගැනීමට බ්‍රිතාන්‍ය විද්‍යාඥයින් හට හැකිව තිබේ.

    විද්‍යාඥයින් හට මෙම අනාවරණය කර ගැනීමට හැකියාව ලැබී ඇත්තේ පසුගිය පෙබරවාරි මාසයේදී බ්‍රිතාන්‍යයේ ග්ලොස්ටර්ෂයර් නගරයේ වින්ච්කොම්බ් හී ධාවන පථකයකට කඩා වැටුණු උල්කාපාතයකින් ජලය සොයා ගැනීමත් සමඟයි.

    බ්‍රිතාන්‍යයේ ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයේ ග්‍රහලෝක පිළිබඳ පර්යේෂකයෙකු වන ඇෂ්ලි කිං පැවසූ පරිදි, මෙම උල්කාෂ්ම නියැදියෙන් සියයට දොළහක් පමණ ජලයෙන් සෑදී ඇත. ඒ අනුව මෙම නව උල්කාෂ්ම නියැදියෙන් විශ්වයේ වෙසෙන අනෙකුත් ජීවීන් සම්බන්ධයෙන් විශාල අවබෝධයක් ගැනීමට හැකි බවද එම කිං පෙන්වා දුන්නේය.

    ආචාර්ය කිං පසුගියදා බ්‍රිතාන්‍ය විද්‍යා උළෙලට එක්වෙමින් මේබ අනාවරණය කළේය.”එම උල්කාෂමයේ පැවති ජලයේ සංයුතිය පෘථිවි සාගරවල ජලයේ සංයුතියට බෙහෙවින් සමාන යි. වින්ච්කොම්බේ හී සොයාගත් උල්කාෂ්ම කැබැල්ල වැනි වැනි ග්‍රහක කොටස් පෘථිවි සාගර සඳහා ඉතා වැදගත් දායකත්වයක් ලබා දුන් බවට එය ඇත්තෙන්ම හොඳ සාක්ෂියකි.” යනුවෙන්ද හෙතෙම පෙන්වා දුන්නේය .

    ඒ අනුව ඛණිජ ලවණ සහ ජලය අඩංගු උල්කාපාතයක් එක්සත් රාජධානියට පපතිත වූ පළමු අවස්ථාව මෙය බවද ආචාරය ආචාර්ය කිං සඳහන් කළේය.

    ක්‍රිලෝ ග්‍රෑම් පන්සීයකට ආසන්න බරකින් යුක්ත වූ මෙම උල්කාෂ්ම කොටස පෘථිවියට පතිත වී පැය 12ක පමණ කාලයකදී සොයා ගැනීමට හැකි වීම හේතුවෙන් එය පෘථිවියේ පවතින ජලය සහ ලවණ සමඟ මිශ්‍රවීමක් සිදුව ඇති බවට සැලකිය නොහැකි බවද ආචාර්ය වරයා පෙන්වා දුන්නේය.

    මෙහිදී ආචාර්ය කිං වැඩිදුරටක් පෙන්වා දෙනු ලැබුවේ, “අපි සෑම විටම උත්සාහ කරන්නේ උල්කාපාතවල සහ අනෙකුත් පිටස්තර ද්‍රව්‍යවල සංයුතිය පෘථිවියේ ජලයේ සංයුතියට ගැලපීමයි, බොහෝ උල්කාපාත අධ්‍යනය කිරීමේදී අපට ඇති අභියෝගය නම් ඒවා බෙහෝ විට අපවිත්‍ර වී තිබීමයි, නමුත් වින්ච්කොම්බ් හී විශේෂත්වය වන්නේ එය කිසිඳු ආකරයකින් දූෂිත වී නොමැති වීමයි, එබැවින් අපිට එය හොඳ සාක්ෂියකි.” යනුවෙනි.

    ආචාර්ය කිං තවදුරටත් මෙසේ පැවසීය: “ග්‍රහලෝක විද්‍යාවේ අපට ඇති විශාල ප්‍රශ්නවලින් එකක් වන්නේ පෘථිවියේ ජලය පැමිණියේ කොහෙන්ද යන්නයි. ඊට පැහැදිලිව පෙනෙන එක් ස්ථානයක් වන්නේ වල්ගා තරු හරහා හෝ ග්‍රහක හරහාය. පැමිණීමට ඉඩ ඇති බවයි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.