fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පාසල් පෙමක් සිසුවාටත් පියාටත් දිවි අහිමි කරයි

    පාසල් පෙමක් සිසුවාටත් පියාටත් දිවි අහිමි කරයි

    පෙම් සබඳතාවක් මුල්කරගෙන පාසල් සිසුවෙක් ඊයේ සිය නිවසේ බාල්කයක එල්ලී සිය දිවි හානිකරගෙන තිබේ.

    සිය පුතු සිය දිවි හානිකරගෙන සිටිනු අයුරු දුටු පියා ද පුතා මළ සොවින් රසායනික ද්‍රව්‍යක් පානය කර සිය දිවි හානිකරගෙන ඇත.

    මෙම ශෝකජනක සිදුවීම වී ඇත්තේ කෑගල්ල රංවල ජබුන්වල ප්‍රදේශයේදී ඊයේ දිනයේ දී ය.

    මෙවර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දී ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින 17 වියැති සිසුවෙක් මෙසේ සිය දිවි හානිකරගෙන තිබේ.

    සිය දිවි හානිකර ගැනීමට පෙර ඔහු විසින් ලියන ලද ලිපියක්ද පොලීසියට හමුවී ඇත.

    මෙම සිසුවාගේ පියා රන්කරුවෙකි. තිදරු පියෙක් වන ඔහු පවුලේ දෙවැනියා වූ සිය පුතා සිය දිවි හානිකරගෙන සිටින අයුරුදු දැක සිත් තැවුලෙන් රන් වැඩවලට යොදා ගන්නා රසායනික ද්‍රව්‍යක් පානය කර ඇති බව පොලීසිය කියයි.

    එසේ සියදිවි හානිකරගෙන ඇත්තේ 53 වැනි වියේ පසුවන අයෙකි.

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.