fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්දමිතා අබේරත්න රිමාන්ඩ්

    දමිතා අබේරත්න රිමාන්ඩ්

    ප්‍රවීන රංගන ශිල්පිනි දමිතා අබේරත්න මහත්මිය ලබන 14 දා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

    ඒ ඇය අද (08) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

    බත්තරමුල්ල දියත උයනේ ඊයේ (07) පස්වරුවේ පැවති විරෝධතාවක් අවසන් කර නැවත යමින් සිටියදී දමිතා අබේරත්න මහත්මිය කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

    පසුගිය ජුලි මස ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළුවී එහි දේපළවලට හානිකිරීමේ චෝදනාවට ඇයව අත්අඩංගුවට ගැනුණි.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.