fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්උපත් -විවාහ -මරණ ලේඛනවල සහතික පිටපත් හැමදාම වලංගුයි

    උපත් -විවාහ -මරණ ලේඛනවල සහතික පිටපත් හැමදාම වලංගුයි

    උපත්, විවාහ, මරණ ලේඛනයන්හි සහතික පිටපත්වල වලංගු කාලය සම්බන්ධයෙන් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා විසින් සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත දැනුම් දීමක් කර තිබේ.

    ඒ රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් නිකුත් කරනු සහතික පිටපතක වලංගු කාලය කිසිදු සීමාවකට ලක් නොකර පිළිගන්නා ලෙස අදාළ සියලු ආයතන වෙත හා ජනතාවට දැන්වීමට අවශ්‍ය කටයුතු කරන ලෙස දැනුම් දෙමිනි.

    රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් නිකුත් කරනු ලබන උපත්, විවාහ සහ මරණ ලේඛනයන්හි සහතික පිටපත්වල වලංගු කාලය පිළිබඳව ඇතැම් ආයතන විසින් කාල සීමාවන් දැක්වීම නිසා සහතික පිටපත් ලබා ගැනීමට මහජනයා විශාල වශයෙන් පෙලඹවීමක් සිදුව ඇති බවට නිරීක්ෂණය වන බව රෙජිස්ට්‍රාර් ජෙනරාල්වරයා පවසයි. ( උදා :- සහතිකය නිකුත් කළ දින සිට මාස 06ක කාලසීමාවක් සඳහා පමණක් වලංගු බව)

    ඒ අනුව රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් ක්‍රියාත්මක කරනු ලබන සියලුම පනත්හි ප්‍රතිපාදන අනුව රෙජිස්ට්‍රාර් ජනරාල් විසින් නිකුත් කරනු සහතික පිටපතක වලංගු කාලය කිසිදු සීමාවකට ලක් නොකර පිළිගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍යංශය, විදේශ කටයුතු අමාත්‍යංශය, ආගමන විගමන දෙපාර්තමේන්තුව හා පුද්ගලයින් ලියපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යන අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු මේ වන විටත් දැනුවත් කර ඇත.

    එම නිසා මේ පිළිබඳව සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත පැමිණෙන සේවාලාභීන් ද දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු සැලස්විය යුතු බව රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා දන්වා සිටී.

    ඒ අනුව පහත දැක්වෙන පරිදි සකස් කරන ලද නිවේදනය හෝ ඊට සුදුසු නිවේදනයක් මහජනතාවට හොඳින් දර්ශනය වන ආකාරයට සියලු ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ප්‍රදර්ශනය කිරීමට කටයුතු කරන ලෙස රෙජිස්ට්‍රාර් ජනරාල්වරයා දන්වා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.