fbpx
තවත්
    මුල් පිටුවspecialජපානය විසින් ෆ්ලොපි ඩිස්ක්වලට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරයි

    ජපානය විසින් ෆ්ලොපි ඩිස්ක්වලට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරයි

    ජපානයේ ඩිජිටල් කටයුතු පිළිබඳ අමාත්‍යවරයා විසින් ෆ්ලොපි ඩිස්ක්වලට එරෙහිව යුද්ධ ප්‍රකාශ කර ඇති බවට එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

    අමාත්‍යවරයා විසින් මෙලෙස දශක ගණනාවකට පෙර යල් පැනගිය ෆ්ලොපි ඩිස්ක් වලට එරෙහිව යුද්ධ ප්‍රකාශ කිරීමට හේතුවී ඇත්තේ ජපානයේ රාජ්‍ය ආයතන තවමත් ෆ්ලොපි ඩිස්ක් භාවිතා කිරීම නිසාවෙනි.

    ඒ අනුව ලොව තාක්ෂණික පුරෝගාමියෙකු ලෙස ජපානය හැදින්වුවද එරට රජය විසින් තවමත් ව්‍යාපාරික යෙදෙවුම් වර්ග 1,900ක් සහ වෙනත් ක්‍රියා පටිපාටි සඳහා ෆ්ලොපි ඩිස්ක් සහ සීඩී අවශ්‍ය යොදා ගන්නා බවද එරට නව ඩිජිටල් කටයුතු පිළිබඳ අමාත්‍ය ටාරෝ කොනෝ පවසයි.

    ෆ්ලොපි ඩිස්ක් වසර 50කට වැඩි කාලයක් පුරා පැවතුන නමුත් සෝනි සමාගම විසින් අඟල් 3.5 මාදිලිය 2011 දී නිෂ්පාදනයෙන් ඉවත් විය. ඊට හේතු වුයේ මේවන විට තාක්‍ෂණිකව දියුණුවත් සමඟ ඉතා සාර්ථික විකල්ප අත්පත් කර ගැනීමත් හේතුවෙනි. කෙසේ වෙතත් ජපාන වාර්තා අනාවරණය කර අන්දමට තවමත් සෑම වසරකම ජපානය තුල තවමත් ෆ්ලොපි ඩිස්ක් මිලියන ගණනක් අලෙවි වේ.

    ජපානයේ මෙම තත්ත්වය හුදෙක් ෆ්ලොපි ඩිස්ක් වලට පමණක් සීමා නොවන බවද වාර්තාවේ. ජපානය මේවන විටත් විශාල වශයෙන් භාවිතයෙන් ඉවත්ව තිබෙන ෆෑක්ස් යන්ත්‍ර බහල වශයෙන් භාවිත කරන බවද අනාවරණය වේ.

    මේ අතර වසර 1000ක් තරම් පැරණ පුද්ගලයින්ගේ අත්සන සමාන කොට සලසන සාම්ප්‍රදායික “හන්කෝ” මුද්‍රාවද ජපානය තවමත් බහුල වශයෙන් භාවිතා කරයි.

    එමෙන්ම 2018 වර්ෂයේදී ජපාන සයිබර් ආරක්ෂණ අමාත්‍යවරයා තමා කිසි විටෙකත් පරිගණකයක් භාවිතා නොකළ බවටද ප්‍රකාශ කළ අතර එය එරට ජනාතව මෙන්ම ජාත්‍යන්තරයද මවිතයට පත් කිරීමට සමත්විය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.