fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මත්කුඩු ජාවාරම්කාරියකගේ රුපියල් මිලියන 15 ක මුදල් හා රන් තහනම් කෙරේ

    මත්කුඩු ජාවාරම්කාරියකගේ රුපියල් මිලියන 15 ක මුදල් හා රන් තහනම් කෙරේ

    ග්‍රෑන්ඩ්පාස් හී පදිංචිව සිටින මත්කුඩු ජාවාරම්කාරියකගේ රුපියල් ලක්ෂ 36ක ස්ථාවර බැංකු ගිණුමක් සහ බැංකු සේප්පුවක තැන්පත්කර තිබුණු රුපියල් මිලියන 11ක් වටිනා රන් පවුම් 60ක් තහනම් කිරීමට නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාශයේ නිලධාරීන් විසින් පියවරගෙන තිබේ.

    එසේ නීති විරෝධිව දේපොල සහ මුදල් රැස්කර තබාගැනීම සම්බන්ධයෙන් එම කාන්තාවද අත්අඩංගුවට ගෙන ඇත.

    ඇය වයස අවුරුදු 53ක් වන තැනැත්තියකි. ඇය ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ ප්‍රසිද්ධ මත්කුඩු ජාවාරම්කාරියක් බව පොලීසිය කියයි.

    කුමාර ජයවර්ධන

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.